
(අංජුල මහික වීරරත්න)
වාර්ෂිකව ලංකාවෙන් ළමා පිළිකා රෝගීන් නව සියයක් පමණ වාර්තා වන හෙයින් සැකසහිත රෝග ලක්ෂණයක් පහළ වූ සැණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසීය.
දරුවන්ගේ පිළිකා සුව කර ගැනීමට වැඩිය හැකියාවක් පවතින බැවින් රෝග ලක්ෂණ පිළිබඳව කල්පනාවෙන් සිට කඩිනම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රුක්මාල් ගුණතිලක මහතා කීය.
එම රෝග පරීක්ෂාව සඳහා දිවයින පුරා රෝහල් වල පහසුකම් සපයා ඇති බවද වෛද්‍ය රුක්මාල් මහතා සඳහන් කළේය.
උපතේ සිට අවුරුදු 19 දක්වා දරුවන්ට සෑදෙන පිළිකා ළමා පිළිකා වශයෙන් හැඳින්වෙයි.
වාර්ෂිකව මෙරටින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන අතර එයින් දරුවන් දෙසීයකට පමණ ජීවිතයෙන් සමු ගැනීමට සිදුවන බව මෙහිදී අනාවරණය විය.
ඒ අනුව සැප්තැම්බර් ළමා පිළිකා පිළිබඳව දැනුවත්වීමේ මාසය ලෙස නම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේදී කාර්‍ය බහුල දෙමාපියන් රැකියාවට යන්න අවශ්‍ය නිසා පහසුවෙන් පිසගත හැකි කෘතිම දේවල් ජාන විකෘති කල දේවල් ආහාරයට ගන්නවා රසකාරක නිසා දරුවොත් දින දින වැඩි වැඩියෙන් ඒවා ආහාරයට ගන්නවා... වෙළද සැලකට ගියොත් රසකාරක යෙදූ කෘතිම ක්ෂනික ආහාර වර්ග ප්‍රවර්ධනය කරන කෙල්ලන්ගෙන් බේරෙන්න බැහැ. දරුවෝ දැක්කොත් ඉල්ලනවා... දෙනවා කනවා, ලෙඩ වෙනවා... ඊළගට දින 45 න් වැඩෙන මස්වර්ග තවත් රෝග කාරකයක් වුණත් දිව පිනවීමට බුක්ති විදිනවා... ලෙඩක් හැදුණාම ඉස්සර අම්මලා අත් බෙහෙත් දුන්නත් සමහරුන්ට ඒවා තහනම් නිසා බෙහෙත් පෙති කරල් මහාපරිමාණයෙන් ගන්නවා... වතුර බොන්නෙත් ඉතාම අඩුවෙන් නිසා ඒවත් රෝගකාරක වෙනවා.... ඉතින් පිළිකා නොහැදුනොත් තමයි පුදුමේ....
කෘතිමව ක්ෂණිකව වැඩිවැඩියේ කෑවොත් පිළිකා ඔද වැඩිවේ ආප්ප මිශ්‍රණය ඉදි ආප්ප මිශ්‍රණ සදහා අලුහුණු මිශ්‍ර කරන බවක්ද බයිට් වර්ග වලට් ප්ලාස්ටික් බෝතල් දමන බවකුත් අහන්න ලැබුණා... ඒවායිනුත් මොනවා වෙන්න පුළුවන්ද?