(යොහාන් භාසුර)
ප්‍රධාන මාර්ගයේ දුම්රිය රැසක් අවලංගු කිරීම සහ ප්‍රමාද වීම හේතුවෙන් මගී ජනතාව අද (1) පෙරවරුවේ සිට දැඩි අපහසුතාවට පත්ව සිටිති.
එම මාර්ගයේ ධාවනය කරන සියලුම සීඝ්‍රගාමී දුම්රියන් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කරන බවත් ඒ හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට එන ජනතාව තවදුරටත් අපහසුතාවට පත්වන අතර එම මාර්ගයේ බොහෝ දුම්රිය ස්ථානවල තදබදයක් නිර්මාණ වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය !!! සුපුරුදු විදිහට වැඩේ පටන් අරන්. නීතියක් නැති වගවීමක් නැති පාලනයක එයාලට ඕන විදිහට වැඩ කරනවා.
ඉන්ටසිටි එක (11.50 am ) විනාඩි 40 ක් පුමාදයි.
මෙහෙමනේ කොපමණ උගතුන් වුණත් සමහරක් මිනිස්සු ඉන්නවා තමන්ගේ සේවය කොතරම් අත්‍යාවශ්‍යම වුණත් එල්බගෙන සිටින මිත්‍යාමත අනුව ජනවාරි පළමුවෙනිදා උදේම ඔවුන්ගේ ආගමික ස්ථාන වලට නොගියොත් සෙතක් නැහැ කියලා... ඇත්තටම කෙනෙකුට සෙතක් වෙන්න පුළුවන් තරම් රටට, ජනතාවට සෙතක් කරන්න ඕනෑ. එවිට තමයි සැමටම වාසනාව හා සතුට සම්පත උදාවෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දේම මගීන්ගේ ශාපයට ලක්වීම කොතරම් අහිතකර වෙන්න පුළුවන්ද කියලා හිතන්න හැකිවේවා...!
ඇමැති කියන විදියට දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 2යි. වියදම රුපියල් බිලියන 10යි. ඒ අනුව මහජනයගේ බදු මුදලින් යැපෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් නැවත එම ජනතාවටම කරන හිරිහැරය කොපමණද? ඔයට වඩා නරකද දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් බවට පත් කරලා මහජනයාට එහි ආයෝජනයට අවස්ථාවක් ලබාදීම...
ලංකාවේ දමිරියට ඔයවගේ දේවල් surprise නෙවේ. Surprise වෙන්න නම් හරියටම වෙලාවටම දුම්රිය ධාවනය වෙන්න ඕනේ.