
(ප්‍රදීප් කුමාර)
බහින්බස් වීමක් දුරදිග යාමෙන් යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් වාහන දෙකකට අද (15) අලුයම ගිනි තබා විනාශ කොට ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
අවුරුදු දවසේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් අදාල දෙපිරිස අතර මෙම ගැටුම අද අලුයම හට ගෙන තිබේ.
ගැටුමට සම්බන්ධ පිරිස් කුඩා ලොරි රථයකට හා ත්‍රිරෝද රථයකට ගිනි තබා ඇති අතර සිද්දියෙන් කිසිවෙකුත් තුවාල ලබා නොමැත බවත් කෙසේ වෙතත් මෙම ගිනි තැබීම හේතුවෙන් අදාළ වාහන දෙකට දැඩි හානි සිදුව අති බවත් පොලිසිය පවසයි.
සිද්දිය සම්බන්ධයෙන් යාපනය පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර යාපනය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd