
(පුෂ්පකුමාර ජයරත්න)
අවුරුදු හතරක් වයැසැති දියණියකට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ චෝදනාව යටතේ දැරියගේ මව සහ මවගේ අනියම් සැමියා බව කියන අයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව දොරටියාව පොලීසිය පවසයි.
සැකකාර යුවළ කුරුණෑගල අලකොළදෙණිය මොඩර්වත්තේ පදිංචිකරුවන්ය.
පහර දීමෙන් දැරියගේ මුහුණට, කොන්ද පෙදෙසට සහ අත්පා වලට තුවාල සහ තැළුම් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. පහර වැදීමෙන් ඇගේ ඇස් පෙදෙසට හානි සිදුව ඇත.
දින ගණනාවක්ම දැරිය නිවසේදී පහර කෑමට ලක්ව තිබෙන අතර අසල්වාසීන් ඒ බව පොලීසියට දැන්වීමෙන් අනතුරුව මව සහ බාප්පා අත්අඩංගුවට ගෙන දැරිය ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකාර මවට අනියම් සැමියාට දාව මාස අටක් පමණ වයැසැති බිළිඳෙකු සිටින බවද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නින්
කිසිම චාරයක් නැති අම්මා කෙනෙක් වෙන්න ඕනෑ...