IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘‘අවුරුදු පහට අඩු දරුවනට හරියට පෝෂණයක් නෑ‘‘

(මොහොමඩ් ආසික්)

ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරු දරුවන්ගෙන් සියයට 15 කගේම උසට සරිලන බර නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර හා තාක්ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය ප්‍රකාශ කළාය.

අපි ආහාර ගන්නේ නිකම් බඩ පිරෙන්නම විතරක් නෙවෙයි. ආහාරවලින් අපේ ශරිරයට අවශ්‍ය ශක්තිය ලැබෙන පෝෂණය ලැබෙන්න ඕන. අපේ ශරීරයේ අවයව ක්‍රියාත්මක වීමට අවශ්‍ය විටමින් වර්ග ඛණිජ වර්ග ඇතුළු සියලු දේ ලබා දෙන්නේ අපි ගන්නා ආහාරවලින්.

අපි ගන්නා ආහාරවල පෝෂණය නිසි ලෙස නොතිබුණොත් විවිධ ලෙඩ රෝගවලට ලක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඌණ පෝෂණය. කුඩු දරුවන් අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලබා නොගත්තොත් වයසට සරිලන උසක් නැති වෙන්න පුළුවන්.

ශ්‍රී ලංකවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් සියයට නවයක්ම වයසට සරිලන උසක් නෑ එයට අමතරව අවුරුදු පහට අඩු දරුවන් අතර වයසට අවශ්‍ය බර නොමැති දරුවන් සියයට 10 ක් සිටිනවා. එයටත් අමතරව උසට සරිලන බරක් නොමැති දරුවන් සියයට 15 ක් වයස අවුරුදු පහට අඩු දරුවන් අතර සිටිනවා. ‍

කුඩා දරුවන් තමයි රටේ අනාගතය වෙන්නේ දරුවන් අතර නිසි පෝෂණයක් නොමැති වුවොත් ඒකේ අනිසි විපාක තව අවුරුදු 10 ක් 15 ක් යද්දී දැක ගන්න පුළුවන් වෙයි. යැයිද ඇය මෙහිදි සඳහන් කළාය.

ආචාර්ය සෞමාලි දවුන්ඩසේකර මහත්මිය මේ බව ප්‍රකාශ කළේ මහනුවර ගෙලිඔය ඹුරුතගහමුල පැවැති වැඩසටහනට ප්‍රධාන දේශණය පවත්වමිනි.

කොළඹ ගම්පහ මහනුවර ත්‍රිකුණාමලය සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලින් තෝරා ගත් අඩු පෝෂණයක් සහිත දරුවන්ට රුපියල් කෝටි දෙකක් ඩයමන්ඩ් කිරි පිටි පැකට් 18,750 ක් බෙදා දිම සඳහා මෙම උත්සවය මේ බව කීවාය.



අදහස් (4)

‘‘අවුරුදු පහට අඩු දරුවනට හරියට පෝෂණයක් නෑ‘‘

Asela Tuesday, 22 August 2023 08:45 AM

පොඩි ළමයි ඉන්න මාස් පඩි කාරයෝ දැන් ලංකාවේ කොහොම ජිවත්වෙනවද දන්නේ නැහැ , පඩිය 2020 ලැබුන ගාන මයි ,හැබැයි රට බංකොලොත් උනාට පස්සේ ජිවන වියදම 2020 ට වඩා 4 ගුණයකින් විතර වැඩිවෙලා , ඒට අමතරව රනිල්ගේ ඉවක් බවක් නැතිව විදුලි බිල් ,ජලබිල් , පෙට්‍රල් ඩිසල් වැඩි කිරීම් , බදු වැඩිකිරීම ...මේ හැම දෙයක්ම අමාරුවෙන් ජිවත් උන පොඩි මිනිහගේ ඔලුවට් තමයි දාල තියෙන්නේ

:       0       5

wedage Tuesday, 22 August 2023 09:49 AM

ඔබ තුමියට ස්තුතියි අවුරුදු පහට වැඩි අයටත් පෝෂණය හොඳටම අඩුයි

:       0       4

චන්දන Tuesday, 22 August 2023 06:27 PM

ඒ වුණාට උද්ධමනය ලෙල්ලටම බැහැලාලු. මෙච්චර අඩුවට නිකං දෙන ගානට බඩු මිල අඩුවෙලා තියෙද්දී ආණ්ඩුව අමාරුවේ දාන්න දෙමාපියන් තමන්ගේ ළමයින්ට කන්න දෙන්නේ නැහැ කියලා දැං කවුරු හරි කියයි...

:       0       0

Nimal Tuesday, 22 August 2023 06:50 PM

බලාගෙන, ඕවා කියන්න කළින් අර සෞඛ්‍ය ඇමැතිගෙන් ඇහුවද? හරිද කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site