IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

විනෝදයට පාපැදියක් පදිමින් සිටි 9 හැවිරිදි දරුවකු මොරටුව මුරවත්ත දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී මිය ගොස් ඇතැයි මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ මොරටුව මොරටුවැල්ල ක්ලෝවියස් මාවතේ  පදිංචිව සිටි මොරටුව ජන ජය විදුහලේ සිව්වන වසරේ ඉගෙනුම ලබමින් සිටි එම් ආර් රන්තරු නමැති දරුවාය.

මියගිය දරුවා අලුත් ගාලු පාරේ සිට පාපැදිය පදවාගෙන යමින් සිටියදී දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබි ඇති බැවින් දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු වසා දමා තිබී ඇති අතර දරුවා දුම්රිය මාර්ගය අසල පාපැදිය නවතාගෙන සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී කොළඹ සිට ගාල්ල දෙසට ගමන් ගන්නා දුම්රිය ගමන් කර ඇති අතර හරස් ගේට්ටු විවෘත කිරීමට පෙර දරුවා සිය පාපැදිය දුම්රිය මාර්ගය හරහා පදවා ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී ක්ෂණයකින් බෙලිඅත්ත සිට නුවර බලා ගමන් ගන්නා දුම්රිය ද අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී දුම්රිය හරස් මාර්ගය හරහා දරුවා ගමන් ගත් පාපැදියේ ගැටීමත් සමගම දරුවා මීටර් 13 ක් පමණ ඈතට විසි වීමත් සමගම දුම්රියද ඒ අසන්නේ නතර කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (1)

අවුරුදු නවයේ දරුවා දුම්රියට බිලි

D P Liyanage Wednesday, 10 April 2024 06:11 PM

ගොඩක් දුකයි. ඔහු සිතන්නට ඇත්තේ එක් දුම්රියක් (ගාල්ල පැත්තට) ධාවනය වන බව මිස කොළඹ බලා යන දුම්රිය ගැන නොසිතන්නට ඇත. සුපරීක්ෂාකාරී වීම වඩා වැදගත්ය. එය අකල් මරණයක් විය. පරම නිවන් සුඛයට පත් වේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර
2024 මැයි මස 03 1 0

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්
2024 මැයි මස 03 184 1

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට ප


හැඳුනුම්පත නැතිව ගිය අගමැති ඡන්ද පොළෙන් පන්නයි
2024 මැයි මස 03 274 2

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්


කොත්තු - රයිස් මිල අඩු කරයි
2024 මැයි මස 03 240 1

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ප


අයි ෆෝන් ඉල්ලුම පහළ ගිහින්
2024 මැයි මස 03 58 0

යුරෝපයේ හැර ලෝකයේ සෑම කලාපයකම පාහේ මෙම වසරේ පළමු මාස තුනේදී අයි ෆෝන් සඳහා ඇති ඉල්ලුම සියයට දහයකට වඩා වැඩි ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි ඇපල් සමාගම ප්‍රක


අරාබියේ හිරගෙවල්වල සිටි ලාංකිකයන් 44කට රාජකීය සමාව
2024 මැයි මස 03 468 0

අප්‍රේල් මාසයට යෙදුණු රාමදාන් උත්සවය වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් හතළිස් හතර දෙනෙකුට රාජකීය සමාව ලබා දී ඇත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 468 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site