
(අංජුල මහික වීරරත්න)
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකැත් කමිටුව විසින් සකස් කරන ලද නිවැරදි නැකැත් සීට්ටුව මෙලෙස ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
චිරාගත පිළිවෙත් අනුව අඬබෙරකරු සමඟ පැමිණි නැකැත්කරු රැගෙන ආ නැකැත් සීට්ටුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ලිප ගිනි දැල්වීම, ආහාර අනුභවය, හිසතෙල් ගෑම සහ නව වසරේ රැකියා සඳහා පිටත්ව යාම ආදී සුබ මුහුර්තයන් නැකත් සීට්ටුවට ඇතුළත්ය.

2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට
Nimal Wednesday, 10 April 2024 03:07 PM
බොරු කාරයින්ගෙන් තවත් ලොකු කෙනෙක්ට වැදගැම්මකට නැති සීට්ටුවක්...
විජිත් Wednesday, 10 April 2024 05:58 PM
"ලොකු කෙනෙකුට" කෑල්ල අයින්කරලා " වැදගත්කමක් නැති එකෙකුට " කියලා දැම්මා නම් කොමෙන්ට් එකේ වටිනාකම කියා නිමකරන්න බැහැ.
බද්රානි Wednesday, 10 April 2024 04:03 PM
බලාගෙන ගියාම අපේ රටේ නායකයෝ සංස්කෘතිය කියල හඳුනාගෙන තියෙන්නේ, මිත්‍යා දෘෂ්ටිය නේ ... හැබැයි මේ පුහු දේවල් ඉහලින්ම පිළිපදින අය හිතාගෙන ඉන්නවා ඔවුන් බුද්ධිමතුන්, අනෙක් අය මිත්‍යා දෘෂ්ටිකයින් කියලා... එක අතකට මෙහෙම ජනතාවක් හා පාලකයින් සිටින රටක් මේ විදිහට වත් ඉතුරුවෙලා තියන එකත් ලොකු දෙයක්...
සුනන්දාWednesday, 10 April 2024 06:48 PM
භද්‍රානි නෝනේ සංස්කෘතිය කියලා හඳුනාගෙන තියෙන්නේ මිත්යාදෘෂ්ඨියක් වෙන්න පුළුවන්... ඒත් නෝනේ ලෝකයේ කිසිම රටක එකම වේලාවට ලිප ගිනි දල්වා ආහාර පිස තවත් නියමිත වෙලාවක එකම දිසාවකට හැරී ආහාර අනුභව කරනවා කියන්නේ වැදගත් චාරිත්‍රයක් නොවෙයිද? සාමාන්‍යයෙන් අපේ මුස්ලිම් ජනතාව එකමුතුව එක භාජනයේ එක්ව ආහාර අනුභව කරනවා... එයින් ඔවුන්ගේ සමගිය පෙන්වනවා වගේ අපෙත් යම් එකමුතුවක්, අන්න්‍යතාවක් අවුරුදු චාරිත්‍ර හරහා සිදුවෙනවා... කියලා තේරුම් ගන්න හැකියාවක් නැද්ද?
රාලහාමි Wednesday, 10 April 2024 04:06 PM
අපි අවුරුදු පටන්ගන්නේ උදේ නැකතට. උදේ නැකත රටේ පාලකයාට මාරකයි ලු . උදේ නැකතගමු
ChandaniWednesday, 10 April 2024 05:26 PM
මුළු ශ්‍රී ලංකාවම උදේ නැකතට !!!
විජිත් Wednesday, 10 April 2024 06:05 PM
හිතවත්, ඒ වගේම ඉතාමත් නිහතමානි ඩිලන්තට මගෙනුත් සුබපැතුම් !!! ෆොටෝ එකේ ඉන්න අපේ ගමේ අලුත් SSP එරික් පෙරේරා මහත්මයාටත් සුබපැතුම් නව පත්වීමට. අපි කුඩාකළ තිබුණ වාසනාවන්ත මීගමුව නැවතත් අපිට ලබාදෙන්න එතුමාට දිරිය, ශක්තිය ලැබේවා...!
ගමේ එකාලා Wednesday, 10 April 2024 06:25 PM
පින් ජනපතියා නැකතට වැඩ අල්ලන හැටි බලාගන්න බැරියැ. අන්තිමට නැකැත් පත...?
ගමරාළ Wednesday, 10 April 2024 07:43 PM
රාළහාමි හා චන්දානි කියනවා උදේ නැකත රටේ පාලකයාට මාරක නිසා උදේ නැකත ගන්නවා කියලා එහෙම කළාම අනුන්ට කළදේ තමන්ට ඵලදෙන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒත් එහෙම කරන්න ගියාම 13 දින සවස 2.41ට පෙර ආහාර අනුභව කළා නම් ඊළඟ ආහාරවේල ගන්න වෙන්නේ හරියටම පැය 16 කුත් විනාඩි 39 කට පස්සේ තමයි... එතරම් වෙලාවක් කෙනෙකුගෙන් පළිගැනීමට අඩුම තරමින් වතුරවත් නැතුව අසනීපයක් හදා නොගෙන ඉන්න පුළුවන් නම් හොඳයි.. එහෙම කියලා රසකැවිලි කකා ටී හෝ ප්ලේන්ටි බොන්න අයිතියක් නැහැ. එහෙම කියලා කුඩා දරුවන්ට එතරම් වෙලාවක් කුසගින්නේ ඉන්න පුළුවන් වෙයිද? සීතල රාත්‍රියේ නැකතට අනුභව කරන්න කියලා මතක් කරනවා...
චාන්දනී Thursday, 11 April 2024 04:27 AM
අවුරුදු නැකත ජනාධිපතිතුමාට භාද දුන්නා මෙතෙක් කලක් නම් එතුමා අවුරුදු චාරිත්‍ර කරනවා දැකලම නැහැ. ඒත් මෙවර අවුරුදු දවසේ වත් රූපවාහිනී පුවත් මගින් එතුමා අවුරුදු චාරිත්‍ර කරන ආකාරය බලමු