(ගයාන් සූරියආරච්චි)
සිංහල අලුත් අවුරුද්ද උදාවූ පෙරේදා (14) දා සිදුවූ රිය අනතුරුවලින් 10 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය.
පුස්සැල්ලාව, බණ්ඩාරවෙළ, මහියංගණය, කිරිදිවැල, පූගොඩ, අම්බලන්තොට, මාතර සහ තණමල්විල යන ප්‍රදේශවලදී සිදුවූ අනතුරුවලින් එම පුද්ගලයන් මියගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
එම අනතුරුවලින් 13 දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර බොහෝ අනතුරු රියැදුරුට නින්දයාම හේතුවෙන් සහ අපරික්ෂාකාරීව රිය ධාවනය හේතුවෙන් සිදුවූ මරණ බවද නිහාල් තල්දූව මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd