(අංජුල මහික වීරරත්න)
අලුත් අවුරුදු අවුරුදු උත්සව වල සංස්කෘතියට පටහැනි අංග සහ ක්‍රීඩා ඇතුළත් කර තිබේනම් ඒ පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
අවුරුදු උත්සව පැවැත්වීමට අදාල උපදේශන මාලාවක් මේ වන විට සියලුම දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලබා දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අවුරුදු උත්සව වල පවත්වන සදාචාර විරෝධී උත්සව අංග ඉවත් කිරීම හා නිර්මාණාත්මක අංග එකතු කිරීම පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අද (5) කියා සිටියේය.
ඒ අනුව අවුරුදු උත්සව වලට ඇතුළත් කර ඇති උත්සව අංග සහ ක්‍රීඩා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දී ලියාපදිංචි කළ යුතු බවත්, ඉන්පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සඳහා පොලිසිය අනුමැතිය ලබා ගත යුතු බවත්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් කේ. ඩී.ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය එහිදී සඳහන් කළාය.
අවුරුදු උත්සවවලදී අසභ්‍ය ක්‍රීඩා හා උත්සව අංග පිළිබඳව මෙන්ම ආගමික වශයෙන් හානි වන ක්‍රියාකාරකම් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන අතර ඒ පිළිබඳව පවතින නීති යටතේ ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා එහිදී ප්‍රකාශ කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලවුඩ්ස්පීකර්, බෆල් කන්දොස්කිරියාවට තිත තියන්න සෑම ආගමික, සාමාජීය කටයුත්තකදීම ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි. දැනටමත් වෙළඳ සංගම් ලංකාවේ සියළුම නගරවල ශබ්ද දූෂණය පටන් අරන් තියෙන්නේ...
අපිට ඕනේ අමුක ඩුමුක ඩාන්ස්...!
විශේෂයෙන් විකට ඇඳුම් තරගවලදී, උත්පත්තියෙන් අංග විකල අයට අපහාස, උපහාස වන විදිහේ නිරූපන සහ ඉදිරිපත් කිරීම් නැවැත්විය යුතුයි. එවැනි දේවල් වලට අවසර දෙන්න මෝඩ සංවිධානයකින් පිරිසක් එව්වා දිහා බලලා හිනා වෙන්න ලෑස්තිවෙලා ඉන්න අමනුෂ්‍ය ගති තියෙන ගැහැණු සහ පිරිමින් පිරිසකුත් ඉන්න එක ගැන කණගාටුවක් දැනෙනවා..
අපෝ!! පටහැනි වෙන්න තරම් තියන ඔය කියන මහලොකු සංස්කෘතිය..? කොට්ට පොරෙයි, කඹ ඇදිල්ලයි නම් සංස්කෘතියටම ගැලපෙනවා තමයි...කටින් බතල හිටුවන ඔය සංස්කෘතිය ඇතුලේ අඩුතරමේ "විනය" කියලා එකක් වත් තියනවද..? හින්දු භක්තිකයින්ගේ අලුත් අවුරුද්ද, මෙහෙ අය බලෙන් අයිති කරගෙන... ඒ මදිවාට ලජ්ජා නැතිව නීතිත් දානවා...