(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු හැටෙි සීමාවෙන් විශ්‍රාම ගැන්වෙන චක්‍රලේඛය නිසා දෙසැම්බර් 31 වන විට අවුරුදු 60ට වැඩි වෛද්‍යවරුන් අටසීයයකට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වෙන බවත් මෙි අතර විශේෂඥ වෛද්‍යවරුන් තුන් සියයක්ද සිටින බව මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙි කාරණා නිසා සෞඛ්‍ය අර්බුදයකුත් රටට එන්න නියමිත බව කී ගලප්පත්ති මහතා මෙම ගැටළු නිසා කොළඹින් පිට රෝහල් වැහෙන්න පුළුවන් බවද සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහත කීවෙි සේවා අවශ්‍යතාවය පිළිබඳව සලකා විශ්‍රාම ගැන්වෙන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සලකා බලා මැදිහත්වීමක් කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක්, පින්පඩි කාරයින් ගෙදර. අනිවාර්යයෙන් රජය කරපු හොඳ වැඩක්...
මැරෙනකම් තනතුර බදාගෙන ඉන්න කල්පනාව... එයාලාට යන්න කියන්න. තරුණ වෛද්‍යවරුන්ට අවස්ථාව දෙන්න. පුදුම කුහක කමක් සහ තණ්හාවක් තියෙන්නේ... ඔච්චරම ජනතාවට ආදරේ නම් ස්වේච්ඡාවෙන් සේවය කරන්න පුළුවන්...!
පාර්ලිමේන්තුවේ ඉන්නෙත් විශ්‍රාම යවන්න ඕනෑ අයනේ... බය වෙන්න ඇති ‘‘අපිටත් මේ හැන්දෙන්ම බෙදන්න යයිද?‘‘ කියලා ජනතාවනි, හොරිකඩ මහල්ලන් පාර්ලිමේන්තු යැවිල්ල වහාම නවතනු...!
බහුතරයක් තරුණ වෛද්‍යවරුන් සහ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන් බහුතරයක් ඉන්නේ ගෙවල් වල සහ පුද්ගලික රොහල්වල තමයි. සේවා මුර කියකියා මාසෙට දවස් 10ක් වත් වැඩට යන්නේ නෑ. ඒ වුණාට අතිකාල ඔක්කොම ගන්නවා. ඒකට තමයි අනිත් සියලුම සේවාවල ක්‍රියාත්මක වුණත් මේ ගොල්ලෝ ඇඟිලි සලකුණු යන්ත්‍ර ගේනවාට විරුද්ධ... විශේෂයෙන්ම බහුතරයක් දන්ත වෛද්‍යවරු 8-12 විතරයි රෝහලේ ඉන්නේ... සති අන්තවලත් ගෙදර. පඩිය ලක්ෂ 2 යි. හොරට අතිකාල දාගෙන. හැබැයි ඇතැම් රොහල්වල වෛද්‍ය හිඟයක් තියෙනවා.. හොරට ඉන්න අය ඒවාට දැම්මා නම් හරි. නැත්තම් ඒ රෝහල් වල කාර්යය මණ්ඩලය පඩියට වැඩිය සේවයක් කරනවා...!
මේ ගොල්ලන් උදේ වරුවේ රජයේ රෝහලට ආවත් හිත තියෙන්නේ චැනල් කඩේ හෝ පුද්ගලික රෝහලේ... රජයේ රෝහලේ මොවුන්ගේ වාට්ටුවට ඇතුල්වෙන්න මුලින්ම චැනල් කඩේට ගිහින් චිට් එකක් ගන්න ඕනේ... මොවුන් රජයේ රෝහලේ නම් වැඩකරන්නේ.., තීරුබදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබාගැනීමට සහ චැනල් කඩේට ලෙඩ්ඩු ආකර්ශණය කරගැනීමට පමණි. මේක රජය ගත් හොඳ තීරණයක්. ඉදිරියට රජයේ රෝහල්වල සේවය කරන දොස්තරලට පුද්ගලික චැනල් කඩේ සේවය තහනම් කරන්න. දොස්තරලා රජයේ රෝහල්වල නිසිලෙස පැය 8 සහ අතිකාල වලට වැඩ කරනවා නම් රෝගීන්ට පුද්ගලික චැනල් කඩවලට දහස් ගණන් මුදල් පූජකරන්න අවශ්‍ය නොවේ...!
ඒ වුණාට 60 පැනපු පාර්ලිමේන්තු සේවකයින් යවන්න වුවමනාවක් නෑ වගේ...?
තරුණ වෛද්‍ය උපාධිධාරීන්ට රෝහල් සේවයට එන්න හොඳ අවස්ථාවක්...
ත්‍රිවිධ හමුදාව ඇරෙන්න රාජ්‍ය සේවකයෝ නැති රටක් හදමු