IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අවියක් සමග පාතාලයෙක් මාට්ටු

(එච්.එම් ධර්මපාල)

අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති දකුණේ පාතාල කල්ලි සාමාජිකයකු ඇමරිකාවේ නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල ගිනි අවියක් සහ එයට යොදන ජීව උණ්ඩ 10 ක් ,   හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් ජංගම දුරකථනයක් සමග ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් බඩෝවිට 2 අදියරේදී  අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය.

සැකකරු තාවකාලිකව පැපිලියාන ප්‍රාදේශයේ පදිංචිව සිට ඇති අතර  දකුණේ  අපරාධ ගණනාවකට අධිකරණ වරෙන්තු ගණනාවක් ඇති පොලීසිය සොයමින් සිටි පුද්ගලයෙකු වන බවත් පොලීසිය කියයි .

යුක්තිය මෙහෙයුමට සමගාමීව ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා, දූෂණ මර්දන ඒකකය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චමින්ද කුරඹගේ මහතා ඇතුලු නිලධාරින් කණ්ඩායමක් විසින් බඩෝවිට දෙවන අදියරේදී සිදුකල විශේෂ අපරාධ නිවාරණ රාජකාරියේ දී හෙරෝයින් මිලි ග්‍රෑම් 2200 ක් සමග අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පරීක්ෂාවට ලක්කල විට එහි ගිනි අවියක ඡායාරූපයක් තිබී ඒ සම්බන්ධව සිදු කළ විමර්ශනයට අනුව සැකකරුගේ නවාතැන්පල සඟවා තිබූ මෙම ගිනි අවිය සොයා ගැනීමට හැකිවී ඇතැයිද පොලීසිය පැවසීය.

 



අදහස් (0)

අවියක් සමග පාතාලයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site