(සුමිත් පොතුපිටිය)
මියගිය කාන්තාවකගේ දේහයක් පිටුපසින් සුසාන භූමියට යමින් සිටී කුඩා ළමුන් තිදෙනකු ඇතුළු හත් දෙනකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවක ගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සදහා ගාලුපාර ඔස්සේ වාද්දුව දෙස සිට වස්කඩුව පොදුසුසාන භූමිට රැගෙන යමින් සිටියදී කළුතර දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව ඇත.
ත්‍රීරෝද රථ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
තුවාලකරුවන් පානදුර සහ කළුතර රෝහල් වලට යොමු කර ඇතැයි සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නින්ද ගියාම ඔක්කොම ප්රශ්න විසදෙනවා. ත්රීවීලර් රියදුරුට හිතවත් ට්රැෆික් මහත්තයෙක් ඉන්නවා වෙන්න පුළුවන් .ඉස්සර නම් අවමගුල් පෙරහැරක් යනවිට බසයක යන අය වුනත් අසුනින් නැනැගිටිනවා වාහන හෝන් කරන්නෙ නැහැ ඒත් ත්ර්රීවිලර් කාරයින්ට විනයක් හැදියාවක් ඇත්තෙම නැහැ