(සුමිත් පොතුපිටිය)
මියගිය කාන්තාවකගේ දේහයක් පිටුපසින් සුසාන භූමියට යමින් සිටී කුඩා ළමුන් තිදෙනකු ඇතුළු හත් දෙනකු රිය අනතුරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවක ගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සදහා ගාලුපාර ඔස්සේ වාද්දුව දෙස සිට වස්කඩුව පොදුසුසාන භූමිට රැගෙන යමින් සිටියදී කළුතර දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුර සිදුව ඇත.
ත්‍රීරෝද රථ රියදුරුට නින්ද යාමෙන් අනතුර සිදුවන්නට ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
තුවාලකරුවන් පානදුර සහ කළුතර රෝහල් වලට යොමු කර ඇතැයි සදහන් වේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.