(නිමල කොඩිතුවක්කු සහ යොහාන් භාසුර)
සාමාන්‍ය බස් ගාස්තු අද (4) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 11.14 කින් පහළ දමනු ලැබීය.
ඒ අනුව රුපියල් 38 ක් ව පැවති අවම බස් ගාස්තුව රුපියල් තිස් හතරක් දක්වා රුපියල් 4 කින් අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ ඩීසල් මිල අඩු අඩුකිරීම සහ ඉකුත් වසරේ නොවැම්බර් 20 වනදා වැඩි කළ 20% ක බස් ගාස්තු වෙන් සියයට 10 ක ප්‍රමාණයක බස් ගාස්තුවක් අඩු කිරීම මෙම ගාස්තු අඩු කිරීමට හේතු වූ බවයි.
මෙම අඩුවීම ලංගම සහ පෞද්ගලික සාමාන්‍යය බසරථ සියල්ල සඳහාම ක්‍රියාත්මක වන බවත් මිරැන්ඩා මහතා සඳහන් කළේය.
ඒ අනුව දිවයින පුරා ධාවනය වන ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය සේවා බස් රථ, අන්තර් පළාත් බස්රථ, පළාත් බස්රථ, සහ ගම්බද ප්‍රදේශවල ධාවනය වන ගැමි සැරිය සහපාසල් දරුවන්ගේ සිසු සැරිය ආදී බස්රථ සේවාවල මෙම ගාස්තු අඩු වන බවත් හෙතෙම කීවේය.
මෙම අඩුවීම අවස්ථා තුන්සිය පනහ සඳහාම ක්‍රියාත්මක වන බවත් මිරැන්ඩා මහතා පැවසීය.
එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන බස්රථවල ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් ඔහු සඳහන් කලේය.
මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරුන්ට සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි ද ඔහු පැවසීය.
එසේම සෑම බස් රථයක ම මෙම මිල අඩුකිරීම ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
මෙම බස් ගාස්තු අඩු කිරීම ලබා නොදුනහොත් මේ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1955 ට පැමිණිලි කරන ලෙසත් මගී ජනතාවගෙන් ඔහු ඉල්ලීමක් කළේය.
මේ සම්බන්ධයෙන් පරීක්සා කිරීමට ජංගම පරීක්ෂක මහත්වරුන් ශ්‍රී ලංකාවම ආවරණය පරිදි යොදවා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1071
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවම බස් ගාස්තුව රුපියල් 34 යි
SL Thursday, 04 August 2022 01:58 PM
බස් කොන්දොස්තරලට ටිකට් මැෂින් දෙන්න අනිවාර්ය කරන්න . එක එක වෙලාවට එක එක ගණන්. මගියා හූරන් කනවා. මේ මිල අඩුකිරීම මදි. කො විඩ් කාලේ දෙගුණයක් කරපු ගාස්තුව එහෙම පිටින්ම තියල පොල් පටවන්න වගේ පටවාගෙන යනවා
Rishad Thursday, 04 August 2022 03:15 PM
වැඩි කරේ 20%, අඩු කරේ 10% නියමයි.
චාමර Thursday, 04 August 2022 03:23 PM
පොදු ජනතාව වෙනුවෙන් ගත් හොඳ තීරණයක්, අගය කළ යුතුමයි.. මක් නිසාද අතීතයේ අමිහිරි අත්දැකීම් අනුව හිතුණේ මෙය අඩු කරන එකක් නැතිවෙයි කියලා.. මොකද ගොඩක් රාජ්‍ය නිලධාරීන් පෙනී සිටියේ ජනතාව වෙනුවෙන් නෙමෙයි, නමුත් ඉස්සරහට ඒ තත්වය වෙනස් වෙයි කියලා හිතෙනවා. කොහම වුණත් පොදු ප්‍රවාහනය සේවාවක් විය යුතුමයි.. නැතුව දැන් වගේ ව්‍යාපාරයක් හෝ ස්වයං රැකියාවක් ලෙස තවදුරටත් ක්‍රියාත්මක වුණොත් එය රටට අහිතකරයි. මෙලෙස අප විඳවීමටත් පොදු ප්‍රවාහනය හරියට ක්‍රියාත්මක නොවීමත් එක හේතුවක්...