(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගංවතුර නිසා වසා දැමුණ පුත්තලම දිස්ත්‍රික්යෙ පාසල් ගංවතුර අවදානම පහව ගොස් ඇත්නම් පමණක් පවත්වන ලෙස වයඹ පළාත් ප්‍රධාන ලේකම් දිපිකා ගුණරත්න මහත්මිය පුත්තලම හා හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට අද(21 ) උපදෙස් දුන්නාය.
මේ අනුව පුත්තලම දිස්ත්‍රික්කයෙ පුත්තලම හා හලාවත අධ්‍යාපක අධ්‍යක්ෂවරුන්ට වයඹ පළාත් ප්‍රධාන ලේකම් වරිය උපදෙස් ලබා දී ඇත්තේ මේ වන විට ගංවතුර අවදානමක් නොමැති පාසල් පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන ලෙසය.
එහිදි පළාත් ප්‍රධාන ලේකම්වරිය තව දුරටත් උපදෙස් ලබා දී ඇත්තේ යම් ලෙසකින් පාසල් මේ වනවිටත් ගංවතුරින් යටවි ඇත්නම්, අදාල පාසලට දරුවන්ට ඒමට නොහැකි තත්වයක් ගංවතුර හේතුවෙන් උදාවී ඇත්නම් පමනක් පාසල් වසා දැමිමට විදුහල්පතිවරුන්ට කලාප අධ්‍යක්ෂවරුන්ට දන්වා වසා දැමිමට හැකි බවයි.
යම් ලෙසකින් පාසල පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති පාසල් පවත්වාගෙන යාම සිදුකල යුතු බවද ප්‍රධාන ලේකම් වරිය දන්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd