(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි හතකට වැඩි වටිනා රත්රන් සහ ස්මාට් ජංගම දුරකතන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරුවකුවූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය අද සිට මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද සම්මතවිය.
ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ වාර්තාවේ නිර්දේශ අනුව මෙම යෝජනාව ඉදිරිපත් කරන බව සභා නායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.
එම කමිටුවේ සභාපති චමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස 24 වැනිදා ඉදිරිපත් කර ඇති වාර්තාවකින් මෙම නිර්දේශය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලිසබ්‍රිට මසකට පාර්ලිමේන්තු තහනම්
kithsiri Wednesday, 06 March 2024 01:27 PM
හරි ලස්සනයි.
නිහාල් Wednesday, 06 March 2024 01:48 PM
අයියෝ ඕවා ප්‍රශ්නද? මාසයක් එන්න බැරි වුණාට පඩි වැටෙනවානේ... පෙන්ෂන් එකට මොකුත් වෙන්නෙත් නැහැනේ. සැපේ ඉඳන් පඩි ගන්න තියෙන්නේ...
nimal Wednesday, 06 March 2024 01:55 PM
රාජපක්ෂ පවුල්වල ගමන් මලුත් බලන්න. රේගු බලධාරීන්ට බෝල තිබේ නම්. ඒක කරලා මාධ්‍යයට පෙන්වන්න. බය නැතුව කරන්න පුළුවන් නම්... අපි ඔයාට නියම රාජ්‍ය සේවකයෙක් විදිහට අපේ හදවතින්ම ගරු කරනවා. නැත්නම්, අපි ඔබ සියලු දෙනා ගැන කණගාටු වන අතර, ඔබ සියලු ජෝකර්වරුන් සහ තවත් ජෝකර් සහ මංකොල්ලකරුවන් පමණක් වේ.
Prabha Wednesday, 06 March 2024 02:04 PM
ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද ඔක්කෝම හොරුනේ...!
nimal Wednesday, 06 March 2024 02:37 PM
සව්දි නීතිය ලංකාවට ඕනෑ කියලා කියන අය ඒවා පිළිපදින්නේ නැහැ. සවුදි නීතියට අනුව නම් මෙයාගේ අත් දෙකම කපලා දානවා. මේ සිද්දිය වෙලා දැන් කොච්චර කල්ද? දැන්ද දඬුවම දෙන්නේ? මාසයක් පාර්ලිමේන්තුවට එන්න දෙන්නේ නෑ කියන්නේ ඒ මාසේ පඩි ගෙවන්නේ නැද්ද?
de silva Wednesday, 06 March 2024 03:03 PM
ඔය නිවාඩු කාලෙ පාවිච්චි කර කරන්න පුළුවන් තරම් හොර ජාවාරම් කරගනීවි , මේක දඩුවමක් නොවේ ඔහුට දුන්න උදවුවක් , මේක අලි හොරෙක්
Senarath Thursday, 07 March 2024 09:24 AM
අනුර, ඩැනියෙල්, රත්තරන් හොරාට ගෙනැල්ලා අහුවුණාම දඬුවම මන්ත්‍රී ධුරය අහෝසි කිරීම.. මෙයට මාසයක නිවාඩු කාලයක්.. ඒ කාලේ ඇතුළටත් තව වාර දෙකක්, ඩුබායි ගිහින් හොරට රත්තරන් ගේන්න පුළුවන්නේ...