
( ශාන්ත චන්ද්‍රසිරි )
ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට ලක්ව ඇතැයි රාගල පොයාර්ස් ගොවීහු පවසති.
රාගල පෙයාර්ස්වල අස්වැන්න වැඩි වශයෙන් නෙලන කාලය මේ දිනවල යෙදී ඇති බවත්, දැනට තමන් රුපියල් 700 ක වැනි මුදලකට පෙයාර්ස් කිලෝවක් අළෙවි කර ගනිමින් සිටින බවද ඔවුහු කියති.
තමන්ගෙන් රුපියල් 700 ක පමණ මුදලකට ලබා ගන්නා පෙයාර්ස් කිලෝවක් ඉන් පසුව රුපියල් 1600 ත් 2000 ත් අතර මුදලකට වෙළෙදපොලේ අළෙවි වන බවත්, මෙහි විශාල ලාභයක් අතරමැදියන් අතට පත්වෙන බව රාගල පෙයාර්ස් ගොවීහු පෙන්වා දෙති.
මේ වනවිට නුවරඑළියේ රාගල, මන්ත්‍රීතැන්න, බිංගන්තලාව, ගෝනපිටිය, පලල්පතන, රත්නායක පතන, ගෝනකැලේ, සෙන්ජෝන් ආදී ප්‍රදේශවලත් එමෙන්ම වැලිමඩ ආශ්‍රිත ලකීලෑන්ඩ්, මැදපතන, ගොම්බාලිකන්ද ආදි ප්‍රදේශවලත් පෙයාර්ස් වගා අස්වනු මේදිනවල නෙලන බව පෙයාර්ස් ගොවීහු කියති.
මෙම පෙයාර්ස් වගාව වැඩි දියුණු කිරීමට රජය මැදිහත්ව කටයුතු සිදු කළ යුතු බවත් පෙයාර්ස් වගා කළ හැකි ප්‍රදේශවල මුඬු ඉඩම් ගොවියන්ට රජය මැදහත්ව ලබාදී මේ වගාව දියුණු කරන්න උත්සාහ කළ යුතු බවත් ගොවීහු කියති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියා හැමදාම කලේ අඩන එක
අතරමැදියන් අධික ලාභ ලබන ක්‍රමය රජය මැදිහත් වී නවතන තුරු ගොවියා සැමදා දුකේ සිටියි.
කොලඹ අපිට රු 100 ටවත් ගන්න නැහැ.
ශ්‍රී ලංකන් ඇපල් ලෙස ප්‍රකට නුවරඑළියේ රාගල පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සඳහා රජය සියල්ල නිවසට ලබාදෙන තුරු නොසිට ගෝවින්ද පෙයාර්ස් අළෙවි කර ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සඳහා උත්සාහ කළයුතුවේ. ලෝකයේ වෙනත් රටවල මෙන් ලාබ සහ පාඩුවද ගොවීන් විසින් දරාගත යුතුවේ..
මේ කතාව ඇත්ත. අපිත් ඊයේ හග්ගල මල්වත්තට ළඟ ප්‍රධාන පාර අයිනේ බඩි ලොරියකින් කිලෝ එකක් ගත්තේ 1800 ගානේ... එක එක ප්‍රමාණයට මිල වෙන් කරලා තිබුණේ. පොඩිම ඒවා 800. ලොකුම එක 2000...!
ආණ්ඩුවක් කියලා එකක් තියෙන්නේ මොකටද? tax ගහ ගහ මිනිස්සු සූරාකන්න විතරද?