IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අලවතුගොඩ සමන් දේවාලය හොරු කඩලා

(ෂේන් සෙනෙවිරත්න)

අලවතුගොඩ ඓතිහාසික සමන් දේවාලයේ දොරගුළු කඩා එහි තිබූ දේවාභරණ ඇතුළු කෞතුක භාණ්ඩ රැසක් සොරාගෙන ගොස් ඇති බව අලවතුගොඩ පොලිසිය කියයි.

අලවතුගොඩ පොලිසිය පවසා සිටියේ එම දේවාලයේ දොරේ ආරක්ෂාවට යොදා තිබූ යකඩ පට්ටම කඩා සොරුන් ඇතුළු වී ඇති බවත් ඊයේ  රාත්‍රී 10.00ට සංචාරක පොලිස් නිලධාරීන් එහි ආරක්ෂක සටහන් පොතේ සටහන්ද යොදා ඇති බවත් එම වේලාවෙන් පසු සොරුන් ඇතුළු වී ඇති බව විශ්වාස කරන බවයි.

වළගම්බා රජ සමයට අයත් වසර 700 කට වඩා ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන මෙම දේවාලය මීට පෙරද අවස්ථා ගණනාවකදී සොර සතුරන්ගේ ග්‍රහණයට පාත්‍ර විය .

අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිලමේ කුලතුංග බණ්ඩාර මහතා පවසා සිටියේ දේවාලයේ දේවාභරණ මෙන්ම කෞතුක භාණ්ඩ ද ඇතුළු දේවාලයේ පින් කැටය පවා කඩා එහි තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවයි .

දේවාලයේ දේවාභරණ සොරකම් කරගෙන ගොස් ඇති බැවින් දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම සම්බන්ධයෙන්ද ගැටලු උද්ගතව ඇති බවද බස්නායක නිලමේවරයා කියයි .

 



අදහස් (2)

අලවතුගොඩ සමන් දේවාලය හොරු කඩලා

Lalla Thursday, 25 July 2024 10:14 PM

මේ දේවාලය කා හට අයත් දේපලක්ද? රාජ්‍ය පාලනයේ ඇතී තැනක් නොවේ නේද? බස්නායක නිලමේකමට පත්වනුයේ කෙසේද?

:       0       0

රෝයි ෆෙඩ්රික්ස් Friday, 26 July 2024 11:51 AM

හා හා හා නියමයි නියමයි. මහා බලගතු දෙවියෝ . ලොව පුරාම සිටින නරයන්ට කෙලෙසක පිහිට වෙද්ද? තමන්ගේ දේවාලය හොරුන්ට කඩන්න දීල බලාගෙන ඉඳල.මේ දෙවියෝ යදින බැතිමතුන් මහා ගොන් තඩියෝ . බුදුගුණ අලංකාරය කියවූ දේව භක්තිකයෝ කිසිවෙක් මෙලොව නැති බවයි පෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site