(ඩයනා උදයංගනී)
අලිවැට නඩත්තු කිරීම ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමේ නියමු ව්‍යාපෘතියක් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට දැනුම් දුන්නේය.
වන අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා අලිවැට නඩත්තු කිරීම ප්‍රජා දායකත්වය සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන්ගේ දායකත්වය සහිත ස්වේච්ඡා බළකායකට පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පත්කළ විශේෂ කමිටු නිර්දේශ කර ඇතැයි අගමැතිවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ‘වන අලි සහ මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා දීප ව්‍යාප්ත විදුලි වැට ඉදි කිරීම’ පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඊයේ(13) පස්වරුවේ සාකච්ඡාවට එක්වෙමිනි.
වනජීවි සංරක්ෂණ හෝ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවලට පමණක් මෙහි සමස්ත වගකීම නොපැවරෙන පරිදි අදාළ ප්‍රාදේශිය ලේකම් කාර්යාල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ග්‍රාම නිලධාරින් ඇතුළු රාජ්‍ය ආයතන,නිලධාරින් සහ ග්‍රාමීය ප්‍රජා සංවිධාන ඇතුළත් ස්වේච්ඡා බළකායක් මගින් මෙම වන අලි - මිනිස් ගැටුම පාලනයට කළ හැකි බව අග්‍රාමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.
මෙම වසරේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාතික වැඩසටහනක් ලෙස විදුලි වැට කිලෝමීටර් 1500ක ප්‍රමාණයක් දීප ව්‍යාප්තව ඉදි කිරීමට සැලසුම් කර ඇතැයි ද අගමැතිවරයා කීවේය.
ඊට අදාළ අමුද්‍රව්‍ය සඳහා ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර දිස්ත්‍රික්ක 19ක් ආවරණය කරමින් මෙම අලිවැට ඉදිකිරීම සිදුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිතුමණි, පුළුවන් නම් රනිල් වික්රමසිංහත් ඇතුළට දාලා සිරිකොතටත් අලි වැටක් ගහමු. මොකද ඒ අයත් වගාවන් විනාශ කරන්න දක්ෂයි.
ඒක හොඳ වැඩක්... මොකද අලි වැට ඉල්ලන්නෙත් ගමේ මිනිස්සු ... ගහපු වැටේ කම්බි හොරෙන් කපන්නෙත් ඒ මිනිස්සු.
අලිවැට වෙනුවට වනාන්තර වටකර පවුරක් හදන්න. එතකොට සත්තුත් ආරක්ෂා වෙනවා.. කැලෑවත් ආරක්ෂා වෙනවා. ජයවේවා..!!!