IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අලෙවිකරණ ආයතන පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා අලෙවි කරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1980 අංක 41 දරන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත මඟින් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ස්ථාපනය කර ඇති අතර, එය ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලය ඇතුළු මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතන / විශ්ව විද්‍යාල සමඟ ශක්තිමත් හවුල්කාරිත්වයක් පවත්වා ගෙන යමින් අලෙවි කරණ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලබයි. 

එම ආයතනය  මඟින් වාර්ෂිකව අලෙවිකරණ හා ව්‍යවසායකත්ව වෘත්තීය සුදුසුකම සහිත සිසුන් 8,000 කට ආසන්න සංඛ්‍යාවට අධ්‍යාපනය ලබා දෙන අතර, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සිය සේවකයන්හට අලෙවිකරණ පුහුණුව ලබා දීම සඳහා එම ආයතනයේ සේවය ලබා ගනු ලබයි.

 එම ආයතනය මඟින් සපයනු ලබන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට සහ වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීමට හැකි වන පරිදි 1980 අංක 41 දරන ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනතේ විධිවිධාන සංශෝධනය කළ යුතු බව හඳුනාගෙන ඇත. 

ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම පිණිස කර්මාන්ත සහ ව්‍යවහායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

අලෙවිකරණ ආයතන පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 65 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1560 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site