
(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ලඟ තබාගෙන සිටියදි අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනෙකුට නීතිය ලිහිල්ව ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 1 1/2ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරුවන් වු සුරාබදු නියාමකවරු දෙදෙනකුට වසර 28 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා රුපියල් 20,000/- බැගින් දඩද අද (23) නියම කළේය.
මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් කැපවී කටයුතු කළ යුතු නිලධාරීන් දෙදෙනකු වන විත්තිකරුවන් කළ අපරාධය සුළුවෙන් තැකිය නොහැකි තත්වයක් තුළ විත්තිකරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව අවධාරණය කරමින් විනිසුරුවරයයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් පැණවීය.
වසර 12කට පෙර කළ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වු විත්තිකරුවන්ට නියම කළ වසර 28ක සිරදඬුවම් කාලය වසර 07කින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට නියම කළ දඩ මුදල් නොගෙවුවහොත් වසර 02 බැගිනන් අමතර සිරදඬුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන් වවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ සුරාබදු කාර්යාංශයේ නියාමකවරු වශයෙන් සේවය කළ සුරංග සඳරුවන් විජේරත්න සහ සිසිර කුමාර සිල්වා නමැත්තන්ටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසර 28 වසර 7න් ගෙවෙන්න? මොන නීතියක්ද ඒ?
සිර දඬුවම් වසර 7 නේ... වසර 28ක සිරදඬුවමක් වෙන්නේ කොහොමද? මේ රට හදන්න බෑ.
නඩු කිව්ව අවුරුදු 12 ම මේ අය සේවයේ යෙදිලා ඉඳලා තියෙනවාද?
සුරාබදුවේ ඉන්නේ ජරා පප්පලා.