
(රෝෂන් තුෂාර)
මතට ඇබ්බැහි වූ රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු ලබන 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය අද නියෝග කළාය.
අල්ලස් කොමිසම මගින් ඊයේ දින අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරියෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිනි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම සඳහන් කර සිටියේ මත්ද්‍රව්‍ය නඩුවක් ගොණු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ දෙකට අඩුකර ලබා ගැනීමේදී රාගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු සමග සිටි අනෙක් පොලිස් නිලධාරියා පලා ගිය බවද ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද සඳහන් කළේය.
ප්‍රථමයෙන් රුපියල් 20,000ක මුදලක් පැමිණිලිකරුගෙන් ලබාගත් සැකකරුවන් ඉතිරි මුදල වන රුපියල් 180,000ක මුදල ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙම වැටලීම සිදුකර අත්අඩංගුවට ගෙන තිබේ.
තමන් සන්තකයේ ඇත්තේ රුපියල් 20000ක් පමණක් බවට පැමිණිලිකරු පැවසීමෙන් අනතුරුව සැකකරුවන් විසින් පවසා ඇත්තේ නිවසේ පැවැත්වීමට කටයුතු යොදා ඇති උත්සවයකට යෙදවීමට තිබූ මුදල් තමන්ට ලබා දෙන ලෙසය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එදින ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට යොමු කරන ලෙසට නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
459
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1661
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලසක් ඉල්ලූ පොලිස් නිලධාරියෙකු රිමාන්ඩ්