(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය වර්ෂයේදී ( ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා) කරන ලද වැටලීම් 29කින් 14 ක් අසාර්ථකවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම අසාර්ථක වැටලීම් සඳහා රුපියල් ලක්ෂ 25 කට වැඩි මුදලක් වැය කර තිබූ බවද එහි දැක්වේ.
පසුගිය 2022 වර්ෂයේ ජනවාරි 1 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාල සීමාවේදී කරන ලද වැටලීම් විසි නවයක් සඳහා රුපියල් ලක්ෂ 47කට වැඩි වටිනා අත්තිකාරම් නිකුත් කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර ශ්‍රී ලංකාවෙන් අල්ලස සහ දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්මට 2019 පෙබරවාරි 5 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී එම සැලැස්ම ක්‍රියාත්මක කර අවුරුදු තුනහමාරක් පමණ ගතවී තිබුණද එහි සඳහන් කාර්යයන් 24 න් ඉටු කර තිබුණේ කාර්යයන් 11 ක් පමණක් බව වාර්තාවේ සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත පහකට වැඩක් නැති කොමිසමක්. රටේ මුදල් ගිලින කොමිසමක්. දූෂණයෙන් පිරුණු කොමිසමක්. මම මේ කොමිෂන් සභාවට පැමිණිලි 25 ක් විතර කරලා තියෙනවා. දැන් අවුරුදු ගණනාවක් වෙනවා. තවම එකක්වත් විසඳලා නැහැ. තීරණයක් නැහැ. මම ඒ හැම පැමිණිල්ලකටම කට උත්තරත් දීලා තියෙනවා. කියන්න වචන නැහැ. තනිකරම සුදු අලියෙක්. ආදායමක් නොවෙයි තනිකරම වියදමක් විතරයි. කියන්න වචන නැහැ. තනිකරම බොරු ආයතනයක්. අල්ලස් හෝ දූෂණවලට පැමිණිලි කරහම නැහැ නැහැ එහෙම වෙලා නැහැ කියන්න තමයි ඒ අය කටයුතු කරන්නේ... වහාම විසුරුවා හරින්න. රටට මහා බරක්. පත්තු කරන ලයිට් බිලටත් ණයයි. ඒ තරම්ම අපරාධයක්. තව කියනවා නම් මේ අය ගැන කියන්න බොහෝ දේ තියෙනවා... වේලාවක් ආවොත් නොකියා ඉන්නේ නැහැ.