(සුජිත් හේවාජුලිගේ )
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
කෙසේ වෙතත් මින් යළි පවරා ඇත්තේ නඩු විස්සක් පමණක් බවද එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ අතර අල්ලස් කොමිසම පැවරූ නඩු 18 ක චූදිතයන් 2021 වර්ෂයේදී නිවැරැදිකරුවන්වී තිබූ බවත් වැරදිකරුවන්වී තිබුණේ නඩු 11ක චූදිතයන් පමණක් බවත් එම වාර්තාවේ දැක්වේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 2021 වර්ෂයේදී නඩු 69 ක් අවසන් කර තිබූ නමුත් ඉන් නඩු හතළිහක් පසුව ඉල්ලා අස් කරගෙන තිබිණැයි කියන විගණන කාර්යාලය එය මුළු නඩු සංඛ්‍යාවෙන් සියයට පනස් අටක ප්‍රතිශතයක් බවද ප්‍රකාශ කළේය.
මේ අතර එම කොමිෂන් සභාවේ නීති අංශයේ වැඩ අවසන් නොකළ ලිපිගොනු 1508ක් පැවතුණු බවත් ඉන් ලිපිගොනු 489 ක් වසර පහකට වැඩි කාලයකට අයත්වූ ඒවා බවත් වාර්තාවේ දැක්වේ.
අවසන් නොකළ ලිපිගොනු926ක් පසුගිය වසරේ දෙසැම්බර් 31 දින තෙක්ම පැවතුණු නමුත් ඒ පිළිබඳ වාර්තා විගණනයට ඉදිරිපත් නොවුණු බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.
ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම ආරම්භ කර අවුරුදු තුන හමාරක් පමණ ගත වී ඇතත් එහි සඳහන් කාර්යයන් 27 න් ක්‍රියාත්මක කර ඇත්තේ කාර්යයන් 11 පමණක් බවද වාර්තාවේ සඳහන් වේ.
මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ පුරප්පාඩු 36ක්ද තෘතීක මට්ටමේ පුරප්පාඩු 203ක්ද ද්විතීක මට්ටමේ පුරප්පාඩු එකසිය පනස් අටක්ද ප්‍රාථමික මට්ටමේ පුරප්පාඩු පනස් හයක්ද විමර්ශන කාර්ය මණ්ඩල පුරප්පාඩු 15 ක්ද පසුගිය වසරේදී පැවති බව විගණන කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
268
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’අල්ලසේ’’ නඩුවලින් බාගයක්ම අයින් කරගෙන
අල්ලිස් අප්පු Saturday, 23 September 2023 12:49 PM
එහෙම කළා කිව්වාම වැටත්, නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව වගේ කොමිසමේ උන්දැලා අල්ලස් නොගත්තා කියලා කියන්න පුළුවන්ද? ඩාලිං ඇත්තටම උන්දැලා නඩත්තු කරන්න ජනතා මුදල් නාස්ති කරන්නේ මොකටද මහත්තයෝ...?
කිත්සිරීSaturday, 23 September 2023 06:22 PM
හොරු අල්ලස් ගත්තාම ඒවා අල්ලන්න ඉන්න අය හොරුන්ගෙන් අල්ලස් ගන්නවා. ඒක විමර්ශනය කරන්න කොමිටියක් දමනවා. ඔවුන් දෙගොල්ලන්ගෙන්ම අල්ලස් ගන්නවා. දියුණුවෙන් දියුණුවට යන රටක හොඳම ලක්ෂණයක්...!
Shashika519 Saturday, 23 September 2023 12:52 PM
නඩුව දාන්නේ ඉල්ලා අස්කරගන්න බලාගෙන හෝ පරදින්නම බලාගෙන.. අත යටින් ගණුදෙනුව වෙනවා...
Kazi Shajahan Saturday, 23 September 2023 01:42 PM
ඔය කමිෂන් එකෙන් මැති ඇමැතිවරු කී දෙනෙක් හිරේ යවලා තියෙනවද? මම කියන්නේ සීරෝ.
de silva Saturday, 23 September 2023 04:50 PM
අල්ලස් කොමිසමත් පගාව අරගෙන වගේ...