
(නිමන්ති රණසිංහ)
සිය කසිප්පු ජාවාරම බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ඉත්තෑපාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාදීමට පැමිණී කසිප්පු ඡාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාවිට, ගලතර, ඉත්තෑපාන ප්‍රදේශයේ පදිංචි හතලිස් පස් හැවිරිදි අයෙකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ වංචා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් කර ඇත්තේ ඉත්තෑපාන පොලිසියේ සුලු පැමිණීලි අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සඳහන් කළේය.
මෙම සැකකරු නිති විරෝධී මත්පැන් ඡාවාරම සිදුකරන අයෙක් වන අතර, තම ව්‍යාපාරය කරදරයකින් තොරව කරගෙන යාම සඳහා ඉදිරියට වැටලීම් නොකරන ලෙසට ඉල්ලමින් මාසිකව රුපියල් 50,000ක මුදලක් ලබාදීමට එකඟ වී ඇති බව පැමිණීලිකාර පොලිස් කොස්තාපල්වරයා සිය පැමිණීල්ලෙන් දක්වා ඇතැයි අල්ලස් කොමිසම පවසයි.
ඒ අනුව, අල්ලස් මුදල වශයෙන් රුපියල් 50,000ක මුදල ලබා දීමට සැකකාරු අද (27) ඉත්තෑපාන පොලීසියට පැමිණ සිටි අවස්ථාවේදී උපයාදූතයකු යොදවා ඔහු අත්අඩංගුවට ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය. මෙම සැකකරු අද (28) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා පගාව අරගෙන අර අහිංසක මිනිහට පෙරන දුන්නා නම් කොච්චර හොඳද?
දේශීය කර්මාන්තවලට රජය අත හිත දිය යුතුයි.