IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් චෝදනාවෙන් හිටපු සැරයන් නිදහස්

 

(රෝෂන් තුෂාර)

රුපියල් 1500ක අල්ලසක් ලබා ගත්තේ යැයි චෝදනා ලද මැදවච්චිය පොලිසියේ හිටපු සැරයන් එම්.ඩි.සරත් විජයතුංග විත්තිකරු අල්ලස් චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය .

පැමිණිලිකරුවන්ගේ හා වැටලීම් කළ නිලධාරීන්ගේ සාක්ෂි පරස්පර වීම හේතුවෙන්  විත්තිකරු නිදහස් කරන බව සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය .

මැදවච්චිය පොලිසියේ වරෙන්තු ක්‍රියාත්මක කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කර ඇති විත්තිකරු යතුරුපැදියක් නිදහස් කිරීම සඳහා  2012 මාර්තු 6 වැනි දින රුපියල් 1500ක මුදලක් ඉල්ලා ලබා ගැනීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මෙම නඩුව පවරා තිබිණි .

පැමිණිලිකරුගේ ප්‍රකාශය අනුව රුපියල් දහසක අල්ලසක් ඉල්ලා ලබාගත් බවත් ,අත්අඩංගුවට ගත් නිලධාරීන් දෙදෙනාගේ සාක්ෂිය අනුව රුපියල් 1500ක මුදලක් අත්අඩංගුවට ගත් බවට සාක්ෂි ලබා දී ඇති බවත් පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා සාක්ෂි පරස්පර වීම හේතුවෙන් පළමු චෝදනා දෙකෙන් විත්තිකරු නිදහස් කළේය .

 

 

 



අදහස් (0)

අල්ලස් චෝදනාවෙන් හිටපු සැරයන් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site