IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අල්ලස් චෝදනා ලැබූ පී එච් අයි නිදොස්කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)


හෝටලයක වාර්ෂික වෙළඳ බලපත්‍රය ගැනීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වාර්තාව දීම සඳහා රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි බෝවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා තීරණය කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නැයි නීතීඥ දර්ශන කුරුප්පු මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින්  නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් ඔප්පු කොට නොමැති බව තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ තැන්නේකුඹුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත බෝවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වශයෙන් කටයුතු කළ හඟුරන්කෙත පදිංචි සනත් විජිතානන්ද සුභාවික්‍රම මහතාය”

2018 ජනවාරී මස 18 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර හඟුරන්කෙතදී බෝවල මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා වශයෙන් කටයුතු කරමින් ‘බ්ලු මවුන්ටන්’ හෝටලයේ වාර්ෂික වෙළඳ බලපත්‍රය ගැනීමට අවශ්‍ය මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිර්දේශය සහිත පරීක්‍ෂණ වාර්තාව දීම සඳහා අමර ඉසුනික පුෂ්පකුමාර නමැත්තාගෙන් රුපියල් 10,000 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා 04ක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.



අදහස් (0)

අල්ලස් චෝදනා ලැබූ පී එච් අයි නිදොස්කොට නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site