(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් 50,000ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අම්පාර ,දමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දමන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට එරෙහිව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන සාවද්‍ය පරිහණය කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට වාසි සහගත වන ආකාරයට අධිකරණයට කරුණු වාර්තා කිරීමට සහ පෞද්ගලික සමාගමකින් මෙම පුද්ගලයාට ලැබිය යුතු මුදලක්අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීමට යැයි කියා එම පුද්ගලයා ගෙන් මෙම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අදාළ පුද්ගලයා මේ බව කොමිසමට පැමිණිලි කිරීමෙන් පසු දමන වරිපතන්චේන ප්‍රදේශයේ දි වැටලීමක් සිදුකර අදාල මුදල අල්ලස් වශයෙන් ලබා ගත් බව කියන අවස්ථාවේදී සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිසමේ එම උසස් නිලධාරියා කීය.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන් සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අල්ලස් ගත් සැරයන් මාට්ටු