(රෝෂන් තුෂාර)
වැලි ප්‍රවාහනය බාධාවකින් තොරවක් කරගෙන යෑම සඳහා ඉඩ සැලසීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 50000.00 මුදලක් මාසිකව ඉල්ලා 40000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන ඔක්කම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(04) නියෝග කළාය.
පසුගිය 29 වැනි දින අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩ්බ්ලිව් රෝහන් සුමුදු ප්‍රසන්න සැකකරු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ වැලි ව්‍යාපාරයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑමට සැකකරු විසින් මාසිකව රුපියල් පනස් දහසක අල්ලසක් ඉල්ලා ඇති බවය.
අවස්ථා කීපයකදී රුපියල් 4700ක අල්ලසක් ලබාගෙන ඇතිි සැකකරු යළිත් වරක් රුපියල් 45ක් හෝ සැකකරු විසින් අලුතින් ඉදිකරණ නිවසට වැලි කියුබ් තුනක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම අනුව මෙම අල්ලස් මුදල් ලබා දී ඇති බවද පැවසීය.
ඒ අනුව රුපියල් 40 දහසක අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු මොනරාගල වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අල්ලස් ගත් සී අයි යළි රිමාන්ඩ්