IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි කියන අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැටුණු වෙල මහතා අද (11)නියෝග කළේය.

ඉංජිනේරු මහමුදු හනිපා අකීල් අහමත් හා ඔහුගේ රියදුරු  ලෙස සේවය කළේ යැයි කියන එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක අබ්දුල්ලා නින්දවුස් යන පුද්ගලයින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

වැලි හා පස් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු සහ කුඹුරු වලට දැමීම නීති විරෝධී හෙයින්  රජයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ගෙන්ද සහය ලබාගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය. 



අදහස් (1)

අල්ලස් ගත් වාරි ඉන්ජිනේරුවා රිමාන්ඩ්

nimali Thursday, 11 July 2024 08:18 PM

කරල තියෙන දේ අනිවාර්යෙන්ම වැරදි. මගෙ මල්ලිත් රජයේ ඉංන්ජිනෙරුවෙක්. මම ගුරුවරියක්. මගෙ වැ‍ටුප රු 75000 කට ආසන්නයි. රජයේ ඉංජිනේරුවෙක් වෙච්ච මල්ලිගෙ වැ‍ටුප 85000. එයා ගොඩක් මහන්සි වෙල ඒ තැනට ආවෙ. නමුත් වැ‍ටුප දැක්කම ඇත්ත්ටම දුකයි. රස්සාව කරන්න මහන්සි වෙන විදිය. සමහර දාට ගෙදර එන්නෙත් එලිවෙලා. ‍රැ එලිවෙනකන් කොන්ක්‍රීට් දානව. සතපහ්වත් වැඩිපුර ගෙවන්නෙ නෑලු. එයා ලබන මාසෙ වෙනත් රටකට යනව. දැනටමත් වීසා ඇවිත්. රටට වැඩක් ගන්න ඉන්න ඉංන්ජිනේරුවො රජය විසින්ම හොරු කරල ඉන්නෙ. වැ‍ටුපෙ හැටියට අල්ලස් නෙවෙයි හිඟා කන්නත් වෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site