
(රෝෂන් තුෂාර)
කණින ලද වැලි සහ පස් කුඹුරු සහ කලපු ඉඩම් වෙත බැහැර කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් ලක්ෂ 04 අල්ලසක් ඉල්ලා ලක්ෂ 02 මුදලක් ලබා ගත්තේ යැයි කියන අක්කරෙයිපත්තුව ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු ලබන 19දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැටුණු වෙල මහතා අද (11)නියෝග කළේය.
ඉංජිනේරු මහමුදු හනිපා අකීල් අහමත් හා ඔහුගේ රියදුරු ලෙස සේවය කළේ යැයි කියන එම කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක අබ්දුල්ලා නින්දවුස් යන පුද්ගලයින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
වැලි හා පස් ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයට අයත් කලපු සහ කුඹුරු වලට දැමීම නීති විරෝධී හෙයින් රජයේ අනෙකුත් කාර්යාල නිලධාරීන්ගෙන්ද සහය ලබාගෙන නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට මෙම අල්ලස ඉල්ලා ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරල තියෙන දේ අනිවාර්යෙන්ම වැරදි. මගෙ මල්ලිත් රජයේ ඉංන්ජිනෙරුවෙක්. මම ගුරුවරියක්. මගෙ වැටුප රු 75000 කට ආසන්නයි. රජයේ ඉංජිනේරුවෙක් වෙච්ච මල්ලිගෙ වැටුප 85000. එයා ගොඩක් මහන්සි වෙල ඒ තැනට ආවෙ. නමුත් වැටුප දැක්කම ඇත්ත්ටම දුකයි. රස්සාව කරන්න මහන්සි වෙන විදිය. සමහර දාට ගෙදර එන්නෙත් එලිවෙලා. රැ එලිවෙනකන් කොන්ක්‍රීට් දානව. සතපහ්වත් වැඩිපුර ගෙවන්නෙ නෑලු. එයා ලබන මාසෙ වෙනත් රටකට යනව. දැනටමත් වීසා ඇවිත්. රටට වැඩක් ගන්න ඉන්න ඉංන්ජිනේරුවො රජය විසින්ම හොරු කරල ඉන්නෙ. වැටුපෙ හැටියට අල්ලස් නෙවෙයි හිඟා කන්නත් වෙයි.