(ඩී.ජී.සුගතපාල)
කසිප්පු ජාවාරම්කරුවෙකුගෙන් රුපියල් හය දහසක අල්ලසක් ලබා ගත් බෙන්තොට පොලිසියේ නිලධාරින් තිදෙනෙකු කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අද (17) සවස අත් අඩංගුවට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ උප පොලිස් පරික්ෂකවරයෙක්,සැරයන්වරයෙක්, සහ පොලිස් රියදුරෙකි.
අල්ලස ලබාදුන් පුද්ගලයා අල්ලස ලබාදෙන අයුරු ඔහුගේ ජංගම දුර කතනයෙන් විඩියෝ කර ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට යොමු කර ඇති අතර ඒ අනුව පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර පොලිස් නිලධාරින් තිදෙනා හෙට (18) බලපිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව රෝහලේ ඉන්න පොලිසියේ ගෝතයින් මිනිය විකුණන් කනවා. මිනිය රිලීස් කරන්න සල්ලි ගන්නවා. පොලිස් පරීක්ෂණයට එන එකත් 2500-3000 ඉල්ලනවා... කාලකණ්ණි...!
ඵල කිරි