
(රෝෂන් තුෂාර)
සේවකයින්ට අර්ථසාධක අරමුදල් නොගෙවූයේ යැයි කියන හෝටල් හිමියෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් දස දහසක අල්ලසක් ලබාගත් කම්කරු දෙපාර්තමේන්තු නිලධාරියෙකු ලබන 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ පසුගිය 19 වැනි දින අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන්ගේ අත්අඩංගුවට ගත් මරදමුණේ පදිංචි ඉබ්‍රා ලෙබ්බේ අබ්දුල් නසාර් නමැති සැකකරුය.
අම්පාර කම්කරු කාර්යාලයේ සේවය කරන සැකකරු සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීමට මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බව විමර්ශන කොමිසමේ උප පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.
හෝටල් හිමියා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවත් දුරකථන වාර්තා හා කම්කරු දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන අල්ලස් භාරයට ගැනීමට විමර්ශන සිදු කරන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන දහතුන දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd