IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මත්ද්‍රව්‍ය වරදත් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් පනස් දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි අත් අඩංගුවට ගත් වත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂක ලහිරු  ප්‍රමෝද සැකකරු ලබන 15 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (11)නියෝග කළේය.

සැකකරු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු ඉදිරිපත් කිරීමෙන් පසුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ වත්තල පදිංචි සිල්ලර බඩු අලෙවි කරන වෙළෙඳ සැල් හිමියෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගත් බවය.

පැමිණිලිකරු යටතේ වැඩ කළ සේවකයෙකු මත්ද්‍රව්‍ය වරදකට අධිකරණයට ඉදිරිපත් නොකිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවත් පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ වරුන් කරුණු දක්වමින් කියා සිටියේ මත්ද්‍රව්‍ය වැටලීම සිදුකරනන සැකකරු කුමන්ත්‍රණකාරීව මෙම  සිද්ධියට පටලවා ඇති බැවින් ඔහුට ඇප ප්‍රධානය කරන ලෙසය.

බන්ධනාගාරගත කළහොත් ඔහුව අපරාධකරුවන්ගෙන් වෙන්ව තබන ලෙසට බන්දනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා  සැකකරු ලබන 15 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සැකකරුගේ ආරක්ෂාව සලසන ලෙසට බන්දනාකාර අධිකාරිවරයාට නියෝග කළේය.

සැකකරු වෙනුවෙන් ධම්මික රත්නායක, බි. ප්‍රියංග යන නීතිඥ මහත්වරුන් පෙනී සිටියේය. 



අදහස් (1)

අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂකවරයෙක් රිමාන්ඩ්

Malika Saturday, 12 July 2025 09:43 AM

ඔය වත්තල පොලිසියේ එක්කෙනයි අහු වුනේ. ඕකේ ඉන්න ඔක්කොම පගාකාරයෝ. මේ අයට පගාවක් නොදුන්නොත් ව්‍යාපාරයක් කරගෙන යන්නවත් දෙන්නේ නැහැ. ගමේ කෙනෙක් මැරුණාම එයාලා කියන තැනට යන්න ඕනේ. නොගියොත් මැරිච්චි එක්කෙනාගෙන් පලිගන්නවා වගේ සහතිකේ දෙන්න පරක්කු කරනවා. එයාලා අපෙනුත් පගාව අරන් මල් ශාලාවලිනුත් ගන්නවා. මේක දැන් වත්තල වසංගතයක් වගේ වෙලා. මේකට යන රාලහාමිගේ වත්කම් බැලුවොත් ඕවා හොයාගන්න පුළුවන්... මෙයාට විරුද්ධව කොපමණ පැමිණිලි කරත් වැඩක් නැහැ. මෙයා ගහන පගාව වත්තල පොලිසියේ අනෙක් අයටත් බෙදනවාද කියලා සැකයක් පවා එනවා... මේ හේතුව නිසා. දැන් අවුරුදු දහයකට වඩා මෙයා වත්තල පොලිසියේ අරක් අරගෙන. මෙයාට මාරුවක්වත් දෙන්න ලොක්කා බයයි කියලයි කතාව තියෙන්නේ. එතකොටවත් ඉහළ වගකිව අයගෙන් මේකට පිළිසරණක් පතනවා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site