(සනත් ගමගේ)
ගොඩ වැලි කැපීම සිදුකරන ව්‍යාපාරිකයකුගෙන් රුපියල් තුන් ලක්ෂ පනස් දහසක අල්ලස් මුදලක් ලබාගත් හම්බන්තොට ප්‍රාදේශිය කැණීම් ඉංජිනේරුවරයා සහ රියදුරා මේ මස 18 තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට හම්බන්තොට මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු විනිසුරු ඕෂධ මිගාර මහාරච්චි මහතා අද නියෝග කළේය.
හම්බන්තොට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශිය ඉංජිනේරුවරයා සහ රියදුරු වැලි කැණීම් සිදු කරන ව්‍යාපාරිකයකුලෙන් රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් අල්ලස් ලෙස ගනිද්දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර් ශන කොමිසන් සභාවේ නිළධාරීන් අම්බලන්තොට දී අත් අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.
අම්බලන්තොට වලවවත්ත ප්‍ර දේශයෙ වැලි කැණීම් කටයුතු සිදුකරන සිය ව්‍යාපාරය බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා සහ අදාළ බලපත්‍ර ලබා ගැනීම සඳහා ලක්ෂ පහක මුදලක් අල්ලස් වශයෙන් ඉංජිනේරුවරයා ඉල්ලා ඇති අතර, එම මුදලින් ලක්ෂ දෙකක් ඉංජිනෙරුවරයාට සහ ලක්ෂ එක හමාරක මුදලක් රියදුරුට ලබා දෙන අවස්ථාවේ දී කැණීම් ඉංජිනේරුවරයා සහ ඔහුගේ රියදුරු අම්බල්නතොට දී අත් අඩංගුවට ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තමයි ඔය ආයතනයේ මිනිස්සු මොනවා කරනවාද කියලා තේරුම් ගන්න බැහැ. මම දන්නා පවුල් කීපයක් හිටපු නිවාස නායයනවා කියලා නිවාස කඩවා ඒවායින් ඉවත්කළේ 2017 ආසන්න කාලයේ ඒ මිනිස්සු අනාතයෝ වගේ අසරණ වුණා. දැන් අවුරුදු හයක් වෙලා තවමත් එම ඉඩම්වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. තවත් එකක් ආරංචියක් තියෙනවා බැකෝ පතල් කැපීමක් ගැන ඔය ආයතනයේ ලොක්කන්ට දැන්වීමක් කළත් අවශ්‍ය උපකරණ නැහැ කියලා පරීක්ෂා කළේ නැහැ කියලා පැමිණිලි කරුවන්ගේ ගෙවල් පුපුරලා කියලා අහන්න ලැබුණා... දන්න කෙනෙක් කියන්න ඔය ආයතනයේ කාර්‍යභාරය මොකක්ද කියලා..!