(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත්කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් අද (16) කැඳවනු ලැබීය.
අයදුම්පත් කැඳවීමේ දැන්වීම සහ ඊට අදාළ අයදුම්පත්‍රය පාර්ලිමේන්තු වෙබ් අඩවිය මගින්ද ප්‍රසිද්ධියට පත් කරනු ලැබ ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා අලුතින් සාමාජිකයන් පත්කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගියදා තීරණය කළේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම දූෂණ විරෝධී පනතේ පවතින අඩුපාඩුවක් හේතුවෙන් මාස කිහිපයක් තිස්සේ ප්‍රමාදවිය.
පනතේ එම අඩුපාඩුව නිවැරදි කිරීම සඳහා පාර්ලිමේන්තුවට අද(17) සංශෝධනයක් ගෙන ඒමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අල්ලස් කොමිසමට අයදුම්පත් කැඳවයි
අයි.ජි.එල්.ජයවීර - අම්බලන්ගොඩ Monday, 16 October 2023 03:53 PM
ඉතා දීර්ග කාලයක් තිස්සේ මහජන බදු මුදලින් නඩත්තු කරන මෙම කොමිෂන් සභාවෛන් නම් සමාජියට වැඩක් වෙනේනේ නැති බවයි මගේ හැගීම. අභියාචනාධිකරණය නියෝගයක් මත මා නැවත සේවයේ පිහිටුවූවත් වසර 13 ත් තිස්සේ මා කල පැමිණිලි 25 ක් පමණ තවමත් හමස් පෙටිටියේ.ඒවා සුලුපටු දේවල් නොවෙයි. මහා බරපතළ දූෂණයන්.ඒ නිසා මෛ් කොමිෂන් සභාව තව දුරටත් මහජන බදු මුදලින් නඩත්තු කිරීිම සත පහකට වැඩක් නැති වැඩක් කියලයි මම නම් කියන්නේ. මාව කැදවූව හොත් මම සියලු ලිපිලේඛණ සමග කරැණු ඉදිර්පත් කරන්නම්.ඒනිසා මේව නිකං සමාජය රවටන මෙන්ම දූෂිත යින් තව දුරටත් ආරක්ෂා කරන කොමිෂන් සභාවක් කියල මම නිර්භයම කියනව. ලංකාවේ කොමිෂන් සභාවලින් වැඩක් තියෙන එකම කොමිෂන් සභාව තොරතුරැ කොමිෂන් සභාව පමණයි. දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව කියල කියන්නෙත් දූෂිතයින්ගේ තෝතැන්නක්.ඒ අය මට විරැද්ධව පොලිස් පතිට පවා පැමිණිලි කරල තියෙනව.ඒ වුනාට මම ලැහැස්තියි ලිපිලේඛන සතිතවම ඒ අය අන්ත දූෂිතයින් බව ඔප්පු කරන්න. ඇයි මේ්ච්චර කියද්දිත් නිහඩව ඉන්නෙ. එන්නකො සංවාදයකට.
C.K.Lankaputhra Monday, 16 October 2023 05:05 PM
මේ කොමිසන් දේශපාලන කොමිසන් මිසක් වෙන අටමගලක් නොවෙයි. ඇති හැකි අය, බලය තියන අය අල්ලන්නේත් නැති දේශපාලුවන්ට අත තියන්නේ වත් නැති, දෝෂ සහිත චෝදනා පත්‍ර මගින් ඇතැම් චූදිතයින්ට උසාවියෙන් නිදහස ලබාදිය හැකි තෝරු, මෝරු හැර හාල්මැස්සන් කූනිස්සන් අල්ලන ආයතනයක් මිසක් තවත් මොකක්ද?
කරැණාතිලක - මීරිගම Monday, 16 October 2023 08:08 PM
ඔය ජයවීර මහත්තයා කරන්නේ ලොකු අභියෝගයක්නේ... මම මීට පෙරත් දැකලා තියෙනවා. එතුමා කොමිෂන් සභා ගැන බොහෝම අකැමැත්තෙන් කථා කරනවා. ඒ වගේම බය නැතිව අභියෝගත් කරනවා. ඇයි ඒ අභියෝග බාර ගන්න බැරි? එතුමා කියනවානේ එතුමා කියන දේවල ලිඛිත කරුණු මගින් ඔප්පු කරන්න ලැහැස්තියි කියලා. ඉතිං මේ කොමිෂන් වල මහත්තුරුන්ට ලැජ්ජා හිතෙන්න එපායැ. මේ තනි මිනිහෙක් කරන අභියෝගයට...!