IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලියාන්ස් ලංකා වෙතින් අර්ධ වාර්ෂික සම්මාන උලෙළක්

අලියාන්ස් ලංකා සමාගම ප්‍රථම වරට අර්ධ වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වීමට කටයුතු කළ අතර, පසුගියදා කුරුණෑගල Epitomeහි දී එය පැවැත්විණි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමේ විකුණුම් බළකායෙහි විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරුණු මෙම උත්සවය මඟින් ඉදිරි කාලවකවානුව සාර්ථක කර ගැනීම සඳහා ඔවුන් වෙත යම් දිරිගැන්වීමක් ලබාදීම ද අපේක්ෂා කෙරිණි.

මෙම අර්ධ වාර්ෂික සම්මාන උළෙල, අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයට අමතරව සංවිධානය කෙරෙන නවතම වැඩසටහනක් වන අතර, කණ්ඩායම අභිප්‍රේරණය කරමින්, ජයග්‍රහණ කරා ඔවුන් යොමු කිරීමේ අරමුණින් පවත්වනු ලැබේ. කලාපීය සහ සමස්ත ලංකා මට්ටමින් ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් ජයග්‍රහණ අත් කර ගන්නා, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගමට සම්බන්ධ කලාපීය හා සියලු‍ම මට්ටම් නියෝජනය කරන රක්‍ෂණ උපදේශකයන්, නියෝජිත කළමනාකරුවන් සහ ව්‍යාපාර සංවර්ධන කළමනාකරුවන් මෙම සම්මාන ප්‍රදානෝත්සවය මගින් ඇගයීමට ලක් විය.

අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි වර්ධනය වෙනුවෙන් ආදර්ශවත් ආකාරයෙන් කැපවීම, නායකත්ව ලක්ෂණ මෙන් ම කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන, අතිදක්ෂ විකුණුම්කරුවන් මෙහි දී සම්මාන දිනාගත් අතර, මීගමුව ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු විශ්ව හිරුමාල් රණසිංහ මහතා සමස්ත ලංකා හොඳ ම රක්ෂණ උපදේශකවරයාට හිමි සම්මානයට හිමිකම් කීවේය. එහි දී සමස්ත ලංකා හොඳ ම ව්‍යාපාර සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය තිරුනෙල්වේලි ශාඛාවේ නියෝජිත කළමනාකරු උදයසීලන් ප්‍රියංගන් මහතා දිනාගත් අතර, දිවයිනේ හොඳම සංවර්ධන කළමනාකරුට හිමි සම්මානය එම ශාඛාවේ ම ව්‍යාපාර බෙදාහැරීම් කළමනාකරු වන සීනිජන් ඥානේෂ්වරන් මහතා දිනාගැනීමට සමත් විය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ හා විකුණුම් කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවෝ රැසක් සහභාගි වූහ.

595



අදහස් (0)

අලියාන්ස් ලංකා වෙතින් අර්ධ වාර්ෂික සම්මාන උලෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site