
(බී.ජී. චතුරංග)
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තාවේ.
නිවෙසක් නොමැතිකම හේතුවෙන් ගසක් මත ඉදිකර ගත් පැලක ජීවත්වීමට තමන්ට සිදුව ඇති බවත්, ස්ථීර ආදායම් මාර්ගයක් නොමැතිකම හේතුවෙන් දැඩි දුෂ්කරතාවකින් යුතුව දිවි ගෙවීමට සිදුව ඇති බවත් එම දරු තිදෙනාගේ පියා වන එස්. එච්. සුසන්ත කුමාර මහතා පවසයි.
මෙම ප්‍රදේශය වන අලි බහුලව සැරිසරන ප්‍රදේශයක් බැවින් තාවකාලික ඉදිකිරීමක් හෝ කර ජීවත් වීමට නොහැකි නිසා ගසක් මත පැලක් ඉදිකර එහි වාසය කිරීමට සිදුව ඇති බවත් ආහාර පාන සකසා ගැනීම සඳහා පමණක් එම පැලයට කටු මැටි ගසා තාවකාලික මුළුතැන් ගෙයක් ඉදිකර කරුවල වැටීමට පෙර ආහාර ගෙන පැල තුළට වී රාත්‍රිය ගත කරන බව සුසන්ත කුමාර මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවැසීය.
"මට වයස අවුරුදු 18ක පිරිමි දරුවෙක්, 11ක ගැහැනු දරුවෙක් සහ අවුරුදු 5 ක පිරිමි දරුවකු සිටිනවා. මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. සතියකට දෙකකට පමණ වරක් මේ අවට පැපොල් , පේර වගා කරලා තියෙන ගොවිබිම්වලට ගිහින් කුලී වැඩක් කරලා තමයි දරුවන්ට කන්න දෙන්නේ.
මීට දවස් හතරකට පෙර කලාපේ අධ්‍යාපන මැඩම් කෙනකුගේ මැදිහත්වීම මත වැඩි මහල් පිරිමි දරුවාව කාර්මික අධ්‍යාපන ආයතනයකට යොමු කළා නේවාසිකව. අවුරුදු 11 පමණ වයසේ පසුවන දැරිය පාසල් යනවා. චූටි පුතා පෙර පාසල් යන්න බලාගෙන ආශාවෙන් ඉන්නේ. "
එහිදී එම දරුවන්ගේ මව වන එස්.එච්. සෝමා චාන්දනී මහත්මිය මෙසේ පැවැසුවාය.
"අපි මීට පෙර හිටියේ රත්නපුර ප්‍රදේශයේ පවුලේ ප්‍රශ්න ඇතිවුණ හින්දා අපි වසරකට පමණ පෙර මේ පළාතට ආවා. අපි පිට ගමකින් ආපු හින්දා මෙහේ බොහෝ ප්‍රශ්න ඇති වුණා. මේ ගමේ ඉන්න අඳුරන මහත්තයෙක් සල්ලිවලට ගත්ත ඉඩමක් අපට දුන්නා. ඒක වැවේ ඉඩමක් කියලා ප්‍රශ්න ගොඩක් ආවා. ඊට පස්සේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම්තුමිය මැදිහත් වෙලා එය අපට නීත්‍යනුකූලව පවරලා දුන්නා.
ඊට පස්සේ කීප දෙනෙකුගෙන් ලැබුණු ආධාර මත කාමරයකට අත්තිවාරමක් දැම්මා. ඒක ඉදි කරගන්න විදිහක් නෑ. හරි හැටි රස්සාවක් නැති හින්දා. මේ ප්‍රදේශයට හවස, හය හත වෙන කොට වන අලි රංචු එනවා. දැන් කාලෙක ඉඳලා මේ පැල තුළ තමයි දිවා රෑ ජීවත් වෙන්නේ. පෙරේදා මහ වැස්සක් වැහැලා පැල හොඳටම තෙමුණා. පාසල් ඇඳුම් පොත්පත් තෙමිලා දරුවා ඉස්කෝලේ ගියෙත් නැහැ.
අපි ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ. කුලී වැඩක් හරි කරලා දරුවන් එක්ක ජීවත් වෙන්න පොඩි කාමර දෙකක් හදලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. එහෙම දෙයක් කරල දෙන්න කවුරු හරි ඉදිරිපත් වුණොත් බොහොම පින්.


2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
Rangana Peiris Friday, 04 October 2024 05:52 AM
මට සම්බන්ධ විය හැකි සම්බන්ධතා අංකයක් තිබේද?
Ananda Friday, 04 October 2024 08:54 AM
කරුණාකර විස්තර, සම්බන්ධතා අංකය එවන්න
Bandara Friday, 04 October 2024 09:43 AM
හන්තානේ සඳගිරිසෑයේ හාමුදුරුවන්ට කියන්න. උන්නාන්සේ මේ වගේ අසරන අයට ගෙවල් හදලා දෙන උතුමෙක්.
edward liyana Friday, 04 October 2024 11:32 AM
ගෙදරක් හදාගන්න උදව් කරන්න.. මේ හරහා මට විස්තර ටිකක් එවන්න.