(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුදල් කාරක සභාවේ සභාපති ධුරය පිළිගන්නා අතර එහි වගකීම් උපරිමයෙන් එය ඉටුකරන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
එම කාරක සභාවේ හිටපු සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ද උපරිම උත්සාහයෙන් එම සභාවේ සභාපති ධුරය හොඳන් මෙහෙයවනු ලැබු අතර ඒ වෙනුවෙන් නව සභාපති ලෙස එතුමාට ස්තුතිය පුදකරන බවද කීය.
ඉන්ධන හා ගල් අඟුරු ප්‍රසම්පාදනය පිළිබඳ සොයා බලන ලෙස කංචන විජේසේකර මහතා පැවසු අතර ඊට සම්පූර්ණ බලතල මුදල් කාරක සභාවට තිබෙන බවත් අමාත්‍යවරයාගේ ඉල්ලීම ඉටුකරන්නට වහාම ක්‍රියාත්මක වෙන බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා:-
සොයා බලන අතර මේ වෙනුවෙන් වෙනමම කාරක සභාවක් පත්කරන්න.කාරක සභාවෙන් ප්‍රසම්පාදනයත් කරන්න.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කංචන සහ ආචාර්ය හර්ෂට හොඳ පුවතක්...
ඇයි ගල්අඟුරු විතරක්? නිදහස ලැබූ රංජන් රාමනායකවත් එකතු කරගන්න. පෙට්‍රල්, ඩීසල්... හා අනිකුත් ඉන්ධන ගැනත් බලන්න. අපි හොඳ හොඳ ලෝකෙ තියන නැටුම් සේරම එක පෙරහැරින් නරඹන්න පුළුවන් වේවි..
අන්තිමට ෆුට්නොට් එකක් ගහල ෂේප් වෙයිද දන්නේ නැහැ.
මොන කාරක සභාවක් පත්කළත්... හොරකම් වලට එරෙහිව පියවරක් ගන්න පුළුවන්ද? බැහැනේ? බොරු සෝබන දාලා අපිට තොරන් පෙන්නුවට වැඩක් නැහැ.