(නිමල කොඩිතුවක්කු)
විද්‍යාව සහ ගණිතය ඇතුලු විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් තවත් විද්‍යා පීඨ දෙකක් පිහිටුවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
එයට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට කොළඹ අරලියගහ මන්දිරයේදී අද (08) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද කීවේය.
‘‘පහුගියදා කුලියාපිටියේ විවෘත කළ විද්‍යාපීඨයත් සමඟ මේ වනවිට විද්‍යාපීඨ 20 ක් ආරම්භ කරලා තියෙනවා. විද්‍යාව සහ ගණිතය ඇතුලු විෂයන් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සඳහා තව නොබෝ දිනකින් අපි තවත් විද්‍යාපීඨ දෙකක් ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනවා.
අපේ සංදර්ශන නැතිවෙන්න පුලුවන් උදේ ඉඳන් මාධ්‍ය වල නොගියා වෙන්න පුලුවන් නමුත් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් නොකළ වැඩපිළිවෙලක් අපි අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරලා තියෙනවා.
මානව සම්පත අතින් පමණක් නෙමෙයි භෞතිකව අපි විශාල වැඩපිළිවෙලක් සිදු කරලා තියෙනවා’’ යැයිද අමාත්‍යවරයා එහිදී පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල රට පුරා ජාතික පාසල්වලට අතරමැදි පන්ති වලට සිසුන් ඇතුළත් කරගන්න කියලා විදුහල්පතිවරුන්ට ලිපි ලැබෙනවා... ලේකම්ගේ අත්සනින්. සමහර පාසල් වලට 35ට වැඩියි. කරුණාකරලා කියනවද මේවා කෙරෙන්නේ කොහොමද කියලා..?
"අපේ සංදර්ශන නැතිවෙන්න පුලුවන් උදේ ඉඳන් මාධ්‍ය වල නොගියා වෙන්න පුලුවන්" මෙහි අර්ථය කුමක්ද? මේ සංදර්ශන නොවේද? එක්කෝ අපට අපගේ මව්බසේ දැනුම අල්පයි, නැතහොත් මේ ඇමතිගේ හෙළබස පිළිබඳ දැනුම ශුන්‍යයි.. එසේත් නැත්නම් මෙම ඇමති කෙප්ප මාස්ටර් කෙනෙකි. කාවද මේ රවට්ටන්න උත්සාහ කරන්නේ ගොයියෝ..?
ඔය කාටත් කල යුතු දේවල් මතක් වෙන්නේ චන්දෙ අත ලඟට ආවම නේ.
මේ විද්‍යා පිඨ දෙක හදන්නත් අර පොක්ස්වැගන් කොම්පැනිය හදන්න වගේ, පොල්වත්තක් බිමට සමතල කරලා මුල්ගල් එහෙමත් තියනවද ඇමති තුමා?
කවදාද? මෛත්‍රී බුදුන්ගේ කාලේද?
විද්‍යා පීඨ හදනවා ඒවායින් පිටවෙන උපාධි ධාරීන්ට ගුරුපත් වීම් දෙන්න තව විද්‍යා පීඨ හදනවා ,ඒවායින් පිටවෙන උපාධි ධාරීන්ට ගුරුපත් වීම් දෙන්න තව විද්‍යා පීඨ හදනවා. රටේ ඉතිරිවෙන්නේ විද්‍යා පීඨ, ගුරුවරු සහ ශිෂයෝ. සහල් සහ අනිකුත් භාණ්ඩ ලාබෙට පිටරටින් ගෙනෙන්න පුළුවන් නිසා කෘෂි කර්මාන්තය අනිකුත් කර්මාන්ත රටට අවශ්‍ය නැත. එහෙම නේද ඇමති උන්නැහේ/