(තුසිත කුමාර ද සිල්වා)
අනාරක්ෂිත ආකාරයට සුනඛයකු ඇති දැඩි කළ ප්‍රංශ ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකුව ඇතුළු පුද්ගලයන් පස්දෙනකු නිදැල්ලේ පැමිණ සපා කා ඇති අතර එම සුනඛයා ජලභීතිකා රෝගය වැළදී මියගිය පසු එම ප්‍රංශ ජාතිකයා අත්අඩංගුවට ගත්බව අලුත්ගම පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙන්තොට ,අංගාගොඩ, ලිපිනයේ පදිංචි එරික් මාර්ෂල් බර්නාඩ් ගෝල්මාන්මැති 84 හැවිරිදි ප්‍රංශජාතික පුද්ගලයකු බව පොලිසිය කීය.
සැකකරු විසින් ග්‍රෙඩන් වර්ගයට අයත් අවුරුදු 6 ක් පමණ වයසැති බැල්ලියක සුරතලයට ඇති දැඩි කර ඇති අතර , බැල්ලිය ඉකුත් 23 දා එම නිවසින් පැන ඇවිත් පුද්ගලයන් පස් දෙනකු සහ නිවාසවල ඇති කරන සුනඛයන් තිදෙනෙකු සපාකා තිබුණි.
මේ වන විට එම බැල්ලිය සපා කා තිබෙන නිවාසවල ඇති කළ සුනඛයන් දෙදෙනකු ද මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නඩුවට පාදක වී ඇත්තේ බල්ලෙකු අනාරක්ෂිතව තබා ගැනීමත් , බල්ලාට පිස්සු බලු රෝගය වැලදීමත්,ඌ විසින් වෙනත් ගෘහාස්ශ්‍රිත බල්ලන් විසින් සපා කෑමක් උන්ටද එම රෝගය වැලදීමත්ය.ඒ හැරෙන්නට පුද්ගලයන් ද සපාකා ඇත ලංකාව පූරාම සමහර බලු අයිතිකරුවන් විසින් බල්ලන් ඇති කරන්නේ වෙනත් අයගේ ඉඩම් වලට නැතිනම් පාරවල්වලය. දැන් පොලිසිය විසින් විදේශිය අයිතිකරුට එරෙහිවය නඩු පවරා ඇත. අයාලේ යන බල්ලන්ව අල්ලා බලු කරත්තයට පටවා රැගෙන ගොස් විනාශ කිරීම නගර සභාවන් විසින් සිදුකරනු ලැබීය.එක්තරා දේශපාලකයෙකුගේ උපදෙසින් මෙම ක්‍රියාව නවත්වනු ලැබීය.මෙම.ක්‍රියා මාර්ගය නැවත වහාම බල ගන්වන ලෙස අපි වර්තමාන රජ්‍ය බලධාරීන් ගෙන් ඉල්ලා සිටිමු. අයාලේ යන බල්ලන් පෙර කල ,කලපරිදි වෙඩි තබා විනාශ කරන ලෙස අපි නාගරික බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
හොඳ වැඩක්
මේක බල්ලන්ට හරි නරක කාලයක් වගේ
රජය මේ සම්බන්දයෙන් ගෙනාඇති ක්‍රියා මර්ගය ඉතාමත් අගයකරමි. දියුනු යැයි සැලකෙන රටවලත් ක්‍රියාත්මක වෙන්නද් මේ පිලිවෙලමයි. ඊට අමතර සියලුම සතුන් ඇති කරන්නගේ විස්තර සහිත චිප් එකක් සුරතලුන්ගෙ ගෙලෙහි තැන්පත් කරනු ලබයි. සියලුම සතුන් ලේකන ගත කර ඇත. මෙය ඉතා සරලව අයිතුකරු සොයා ගන්න ක්‍රමයකි. මගෙ සුරතලටත් එලෙසම චිප් එකක් තැන්පත් කර ඇත. මෙ ආකරයට ලන්කවේද සියලුම සතුන්ගේ වගකීම සතුන් ඇති කරන්නාට සම්පූර්මයෙන් පැවරෙන ආකාරයට වැඩපිලිවෙලක් සැකසිය යුතුයි. මෙයින් අයාලයෙ යන සත්ව ගහනය පාලනය කල හැක. මේ රටවල ජලභීතිකා රෝගය අවුරුදු ගනනකට පෙර සිටම මුලු රටෙන්ම දුරු කර ඇත. මෙය විශ්වාස කිරීමට පවා අපහසු දෙයකි එනම් කැලයේ සිටින සත්වයන් පවා ජලභ්හීතිකවෙන් තුරන් කර ඇත (ඔවුන් කියනා අකාරයට කැලයෙ සිටින වවුලන් පවා) මේ සදහා මෙ රටවල් මිලියන ගනන් මුදල් වැය කර ඇත. අපේ රටේ අපි ඉන්නෙ කොතැනකද? අද අපිට මෙම රෝගය බල්ලන්ට වැලදෙන එකවත් නතර කරගත හැකිවී ඇත්ද. ඉතා කනගාටුදායක තත්වයකි. මෙ රටවල මිනිසුන්ට වගෙම සත්ව අයීතීන්ද ආරක්ශා කරනු ලබයි. ඔබ කියනා අන්දමට සතුන් ඝාතනය කල නොහැක. එය ම්ලෙච්ච් ක්‍රියාවකි. අපේ රට මෙවැනි තැනකට කවදා ඒදැයි සිතාගත නොහක