IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුත් සන්ධානය හෙට හෙලිකොප්ටරයෙන් එයි

(ඩයනා උදයංගනී සහ ලහිරු හර්ෂණ )

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී හෙට (11) පස්වරු 3.30 ට සිදුකෙරේ.

මෙම සන්ධානය ‘නිදහස් ජනතා සන්ධානය’ යනුවෙන් නම් කර ඇති අතර, එහි ලකුණ ‘හෙලිකොප්ටරය’ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන පෙරමුණේ වෙන්වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ ඇතුළු නිදහස ජනතා සභාව, විමල් වීරවංශ මහතා සභාපතීත්වය දරණ ‘උත්තර ලංකා සභාගය’ නියෝජනය කරන ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, විජය ධරණී ජාතික සභාව, යුතුකම සංවාද කවය ආදී පක්‍ෂ මෙන්ම ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ද මෙම සන්ධානය නියෝජනය කරන බව ඔහු සඳහන් කළේය.

මෙම අවස්ථාවට නව සන්ධානය නියෝජනය කරන පක්‍ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40ක් පමණ සහභාගීවීමට නියමිත බව ද ඔහු කීවේය.



අදහස් (9)

අලුත් සන්ධානය හෙට හෙලිකොප්ටරයෙන් එයි

Perera Tuesday, 10 January 2023 07:53 PM

පැනික්කියා ඉන්න කිසිම සන්ධානයක් හෝ පක්ෂයක් විශ්වාස බැහැ

:       0       1

sampath Tuesday, 10 January 2023 08:14 PM

රොකට් එක නියමයි මොකද බඩු මිල රොකට් වගේ යවන්න මේ අයත් හවුල් වුනානේ.

:       0       0

siri Wednesday, 11 January 2023 12:07 AM

ඇප බඳින්න හෙලිකොප්ටරෙන්. චන්දෙට පස්සේ කකුල් දෙකෙන්.

:       0       1

Bandara Wednesday, 11 January 2023 12:51 AM

මේක ඇතුලේ හොරු ටිකක් ඉන්න එක තමයි ගැටලුව. මේකේ නායකයා ඩලස් වියුතුමයි. මෛත්‍රි නායකයා වුනොත් දෙයියන්නේ පිහිටයි. පොහොට්ටුවේ චන්ද ටික කැඩීමේ අරමුණ ඇත්නම් මේ වැඩේ සාර්තක වන්න පුළුවන්. ආණ්ඩු බලය ගන්න නම් බෑ දොරේ.

:       0       1

chandima Wednesday, 11 January 2023 01:18 AM

හෙලිකොප්ටර් එකක නෙමෙයි දහයක එන්න බැරිද, රට බංකොලොත් වෙනකන් හොරකම් කරපු සල්ලි වලින්.?

:       0       0

Oscar perera Wednesday, 11 January 2023 06:56 AM

මරු වැඩේ හෙලිකොප්ටර් එකෙන් අවට, අපහු පනින්න වෙන්නෙත් හෙලිකොප්ටර් එකෙන් බව මතක තියාගනිව්. වැරදි බස් එකෙ නෙග්ග එවුන් දෙන් හෙලිකොප්ටර් එකෙන් අවට ඕක බිමට වැටෙනවා.

:       0       1

Sisira Wednesday, 11 January 2023 07:14 AM

පරන මුහුණ වල් අලුත් නමකින්

:       0       2

Saththaya Wednesday, 11 January 2023 07:24 AM

හෙලිකොප්ටරයෙන් නෙමේ ජෙට් එකෙන් ආවත් එක වල්ලේ පොල් .

:       0       3

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 11 January 2023 08:17 AM

" ජෙට් බට් එරෝප්ලෙන් රොකට් උඩ ගියාට මහ සද්දෙන් .. නතරවෙන්නෙ අවසානේ පොළොවේ හතර රියන මැද්දෙන් .. " ( ප්‍රෙඩී සිල්වා මහතාගේ ගීතයක් )

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site