
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම එක්ව පිහිටුවා ගැනීමට යෝජිත නව සන්ධානයේ සභාපති ධුරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබේ.
නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද (20) පෙරවරුවේ පැවැත්විණි.
නව සන්ධානයේ නිලධාරී මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.
ජනපතිට සහාය පළ කරන පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඉදිරි මැතිවරණ වලදී මෙම නව සන්ධානයෙන් තරඟ කිරීමට නියමිත බව එම මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
ජනපතිට සහාය පළ කිරීමට එන පොදු ජන පෙරමුණේ පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන්ද මෙම නව සන්ධානය විවෘත බව එම මන්ත්‍රී කණ්ඩායම් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් සංධානය බංකොලොත් පොහොට්ටු සංධානය ලෙස නම් කළ යුතු බවට මම යෝජනා කරමි.
බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේශපාලුවගේ වළපයයි, ගොඩපයයි සන්විධානේ තමයි අඩුවකට තිබුණේ...!
කරුණාකර මේ වගේ කිසිම ප්‍රතිපත්තියක් නැතිව එහෙට මෙහෙට පනින අයට ‘ගෙම්බා‘, ‘මැක්කා‘ වගේ වචන භාවිතා කර එම සතුන්ට අවමන් නොකරන්න.
හොරුු වෙනුවෙන් හොරු
දැන් ඔහෙලා සන්ධාන හදාගන්න ඕනේ පරලොව...!
බොරලුගොඩ මහලු මඩමේ හොර සන්ධානය...
2018.... රනිල් හොරා රනිල් හොරා... මහ බැංකුව කඩපු හොරා හොරා..... 2022 මැයි වලින් පස්සේ.... දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්න රනිල්ගේ බලු කුක්කා...
මේ නාකි හම්පඩයා කපටි තක්කඩියෙක්... වාසියට හෝයියා කියන මෙවැනි අමනයින් මේ රටට පිළිලයක්... මේ වගේ හිවල්ලුන්ටනේ ලංකාවේ පල් මෝඩයෝ සිංහයෝ කියලා රැවටෙන්නේ...?
අලුත් සන්ධානය
සදාචාරයක්, ප්‍රතිපත්තියක්, ආත්ම ගරුත්වයක් නැති කෙනෙක්...!
ඕකට බඩවඩාගැනීමේ සන්ධානය කියල නම් කරන්න
බොරළුකඩ සුනඛයා, කාලයක් රාජපක්ෂ පවුලට එරෙහිව වචනයක් පිට කලොත් බිරුවා.. දැන් රනිල්ට ඒක කරනවා. ලැජ්ජාව කියලා දෙයක් ගෑවිලාවත් නැහැ. සේරම එක විට ගෙදරින් හිරගෙදරට යවමු...
දිනේෂ් කියන්නේ කපටියෙක්... රාජපක්ෂලාගෙන් අගමැතිකම අරගෙන අන්තිමට රාජපක්ෂලාටම දීලා ගියා...