(අංජුල මහික වීරරත්න)
සීමාසහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ (NSBM) වෛද්‍ය විද්‍යා පීඨයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.
රජයට අයත් පූර්ණ ස්වයං මූල්‍ය උත්පාදන ආයතනයක් වන සීමා සහිත ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සෘජු අධීක්ෂණය සහ නියාමනය යටතේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට සහ එමගින් එම්.බී.බී.එස් උපාධිය පිරිනැමීමට යෝජනා වී ඇතැයි රජය පවසයි.
එම උපාධි පාඨමාලාව සඳහා වාර්ෂිකව දේශීය හා විදේශීය සිසුන් පන්සියයක් බඳවා ගැනීමට අපේක්ෂිත බව රජය කියයි.
හෝමාගම මූලික රෝහල එම වෛද්‍ය සිසුන් සඳහා සායනික පුහුණුව ලබාදීමට සුදුසු රජයේ රෝහලක් වශයෙන් වෙන් කිරීම පිණිස NSBM ආයතනය විසින් අනුමැතිය ඉල්ලා ඇත.
ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුව සඳහා හෝමාගම මූලික රෝහල භාවිත කිරීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දී ඇති බැවින් ඊට බලපෑමක් නොවන පරිදි NSBM ආයතනයේ වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට මෙන්ම මහාචාර්ය ඒකක පහසුකම් සඳහා ද සම්පත් බෙදා ගැනීමේ පදනම මත හෝමාගම් මූලික රෝහල වෙන්කර දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීමටද යෝජනා වී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිති නියෝගයන්ට අනුකූලව හෝමාගම මූලික රෝහල සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට NSBM ආයතනය එකඟතාව පළ කර ඇතැයි රජය කියයි.
ඒ අනුව හෝමාගම මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යංශයේ විෂය පථය යටතට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකක් නෙවෙයි තව බොහෝ වෛද්‍ය විද්‍යාල රට තුළ බිහිවිය යුතුයි .අනෙකුත් වෘත්තීීන් මෙන්ම මේ වෘත්තියටත් දරුවන් ට වෙනත් විකල්ප තිබිය යුතුයි . ප්‍රමිතයට අනුව
ඉතාම කාලෝචිත පියවරක්. අනිවාර්ය්න්ම රටේ නියමනයක් සහිතව පුද්ගලික වෛද්‍යපීඨ කිහිපයක් ආරම්භ විය යුතුමයි. විය යුත්තේ ඒවට විරුද්ධ වීම නොව සහයොගය දක්වා ඉදිරියට ගැනීමයි. රටෙන් එලියට යන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතුරු කර ගැනීමටත්, ඩොලර් ගෙන්න ගැනීමටත්, නිදහස් අධ්‍යාපනය කිය කිය කෑගහල උපාධිය අරන් රට පනින එකටත්, සෞඛ්‍ය මෙන්ම රටෙත් විශාල ප්‍රශ්න රැසකටත් පිළියමක් තමා මේක. අන්තරේටයි වෛද්ය ශිෂ්‍යන්ටයි පුලුවන් රටේ මිනිස්සුන්ව ගොනාට අන්ද අන්ද නිදහස් අධ්‍යාපනය ඉවරයි ඉවරයි කියල පාරවල් ගානෙ තපින්නෙ නැතුව, රජයෙන් ඉල්ලන්න රාජ්‍ය වෛද්‍යපීඨ වලට පුද්ගලික වෛද්‍ය පීඨ අනුපාතය උපරිම 1:1 අනුපාතයට තියන්න කියලයි, බඳවගන්න සිසුන්ට අවම උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් CCS තියෙන්න ඔනි කියලයි ගැසට් එකක් ගහන්න කියල. එතකොට රාජ්‍ය වෛද්‍යපීට නැති වෙන්නෙත් නෑ, ප්‍රමිනිතිය නැති වෙන්නෙත් නෑ, කුහකයො කියල අහ ගන්න වෙන්නෙත් නෑ.
අනිවාර්යෙන් විය යුතුයි
ප්‍රමිතියක් සහිත වෛද්‍යපීඨයක් ආරම්භ කිරීමට රටේ සියලුම දෙනා උදවු කල යුතුයි. අන්තරේ කෝළම් බැලුව කාලය හොදටම ඇති
දෑන් විශ්ව විද්‍යාලවල කට්ටිය මාලිමාව එක්ක පාරට බහියි... වැඩක් නෑ. නිදහස් අධ්‍යාපනය සීමා කල යුතුයි. පිනට ඉගෙනගත්ත එකාල රට හැර යාම පාලනය බැරිනම් නිදහස් අධ්‍යාපනය නවත්තන්න.
රජය මුදල් උපයන ව්‍යාපාර වලින් අයින් වෙනවා කියන්නෙත් මේ ජනාදිපතිම නේද?
ජෙප්පෝ පෙළපාලි යන්න යන්න ජනාධිපතිට අදහස් පහල වෙලා වගේ දුවනවා .හරියට නාකි වස්සන්ගේ කිරිජ්ජපල්ල මිරිකපුවාම වගේ
හොඳ වැඩක් නමුත් ජෝස්තර සංගමයයි , ජෙප්පෝ සහ පෙරටුගාමීන් ඕකට බාල්දි පෙරලන එක ෂුවර් .
බුදුන් දවස ලිවීමට හා කියවීමට හැකිවුයේ බ්‍රාහ්මණයන්ට පමණි. එම භාෂාව බ්‍රහාමණයන්ට හැර අන් අයට ඉගෙනීමට බ්‍රාහ්මණයින් ඉඩ නොදුණි. මේනිසා බුද්ධ ධර්මය, බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලය තුලදී ලේඛන ගත කිරිමට නොහැකි විය. ක්‍රිස්තු පූර්ව 400 දී ගෞතම බුදුන් වහන්සේගේ අභාවයෙන් පසු බුදුදහම මහායාන සහ හීනයාන යන කොටස් දෙකකට බෙදී ගියේය. බුද්ධ ධර්මය ලේඛන ගත වීම උන්වහන්සේගේ පරිණිර්වානයෙන් වසර 400 කට පමණ පසුව සිදුවීම හේතුවෙන් බයිබලය/ කුරානය/ වේදය වැනි එක ග්‍රන්ථයක් වෙනුවට ථෙරවාදි ත්‍රිපිටිකය, මහායාන ත්‍රිපිටිකය ලෙස ග්‍රන්ථ කිහිපයක් ඇති විය. පිටරට වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවේදි ඉගෙනීම අවුරණ ශ්‍රි ලාංකිකයෝ ආදීකාලින බ්‍රාහ්මණයන් ලෙස හැසිරේ. මේ උදාකරගත් ඉගෙනීමේ අවස්ථාවට අකුල් හෙලිමෙන් විශාල අකුසලයක් සිදු කර නොගන්න. නිදහස් අධ්‍යාපනය යනු නොමිලේ සීමිත පිරිසකට අධ්‍යාපන නොවේ. නොමිලේ ඉහළ අධ්‍යාපනය ලබාගන්නන් අතර බොහෝ ධනවතුන් සිටිති.
එහි ඊනියා මහාචාර්යවරුන්ගේ සුදුසුකම් හෙළි කරන ලෙස මම NSBM වෙත අභියෝග කරමි. මෙය රජයේ හෙංචයියන් විසින් පවත්වාගෙන යනු ලබන උපාධි අලෙවි කරන සාප්පු සංකීර්ණයකි.