IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අලුත් රජෙක් ලබන වසරේ

(යොහාන් භාසුර)

ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ලබන වසරේ ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පැවැත්වීමට සිදුවන බවත් ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (4) පැවසීය.

ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල්දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බව කී ජී. එල්. පීරිස් මහතා ජනාධිපතිවරණය කල්දැමීම ජනමත විචාරණයකින් කළ නොහැකි බව ද සඳහන් කළේය.

මහාචාර්ය ජී. එල්. පීරිස් නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන  කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 



අදහස් (12)

අලුත් රජෙක් ලබන වසරේ

පිටිගල මිලානෝ Monday, 04 September 2023 01:41 PM

අපිට අවශ්‍ය රජෙක් නෙවෙයි හොරෙක් නොවන ජනතා සේවකයෙක්. විරුවොත් අවශ්‍ය නැත.

:       3       55

සාලිය​ Monday, 04 September 2023 02:05 PM

එයාව එළවන්න තවත් වසරකින් පාරට බහින්න සිදුවේ...!

:       4       24

Perakum Monday, 04 September 2023 02:20 PM

අළුත් රජා කව්ද කියල තෝරගන්න බැරුව ජනතාව බරපතල ගැටලුවකට මුහුණ දීලයි ඉන්නේ. අන්තිමට වෙන්නෙ කෝච්චිය ආපහු පරණ පීල්ලටම වැටෙන එකයි.

:       8       18

Sara Monday, 04 September 2023 02:37 PM

මොන අලුත්ද? මේ රජාම තමා. අපි නොදන්න රනිල්...

:       17       9

podi hadaya Monday, 04 September 2023 03:06 PM

ෆයිල් උස්සගෙන අතන, මෙතන හොරු ගැන කයිවාරු ගහන අයනම් එපා... ඒ අය අර දියසෙන් වගේම තමයි රටට, ජනතාවට වැඩක්. පොඩි මිනිහගේ දුකට පිහිටක් වෙන කෙනෙක් ගැන අපි හිතනවා.

:       17       12

abaran Monday, 04 September 2023 03:07 PM

අනේ සීයේ ඊට කලින් ඔයා ඔතැනින් අයින්වෙලා ඉන්නකෝ... 1994 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉඳලා ඔයා කරපු වැඩක් කියන්නකෝ...! දැන් ඔයාගේ වයස වැඩි නිසා ඔයාගේ මොලේ කචල් වෙලයි තියෙන්නේ... ලබන පාර කොහොමත් ඔයා එළියේ තමයි...

:       1       24

අබිලින්Monday, 04 September 2023 03:43 PM

මෙයා අනූ හතරෙ නොවෙයි 1988 සිටම පාර්ලිමේන්තුවේ ඉන්නවා කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති වැඩේ කරන්න බැරුව පැනල ගිහිල්ලා ප්‍රේමදාස ජනාධිපති කාලයේ තමයි පාර්ලිමේන්තුවට අවේ දැන් ඉතින් අසූවත් පැනල ඇති

:       0       16

කිරිපුතා Monday, 04 September 2023 03:07 PM

ඉන්න කෙනා නම් ජනතා නියෝජිතයෙක් නෙවෙයිනේ... එතුමා කොටි හුරතල් කරලා රටේ නැති ප්‍රශ්න මවනවා ඡන්දය බලාගෙන. එතුමා යන්න ඕනෑ ගෙදර. නමුත් රටට නායකයෙක් නෑ. පක්ෂ බදා නොගත් රටට, දැයට, සමයට ආදරය ඇති. ජනතාවගේ ඡන්දය ගන්න කෙනෙක් පේනතෙක් මානෙක නෑ...!

:       10       8

රංජිත් Monday, 04 September 2023 03:16 PM

අපිට රජවරු ඕනි නෑ දැන්.... ජනාධිපති කෙනෙක් හිටියම ඇති....

:       0       21

කල්පනා Monday, 04 September 2023 03:47 PM

2024 දී ජනාධිපතිවරණය තියෙනවා කියන්න මහාචාර්ය වරයෙක් මොකටද? ඒක අපේ මොන්ටිසෝරියේ දූලා පුතාලාත් හොඳින්ම දන්නවා... සාමාන්‍යයෙන් වයස්ගත වෙනකොට මොළේ කොලොප්පම් වෙනවා කියලා අහලා තියෙනවා...

:       1       19

Piravasia Monday, 04 September 2023 08:48 PM

අපිට නම් කිසිම ගැටළුවක් නෑ. ඡන්දය දෙන්න ඕනෑ කාටද කියලා රටම දන්නවා.

:       1       9

ගමේ එකාලා Monday, 04 September 2023 11:25 PM

රජ හොරුන්ගෙන් වැඩක් නැහැ පට්ට හොරෙක් ,වංචාකාරයෙක් , රැවටිලි කාරයෙක් නැතුව හරිහමන් කෙනෙක් ආවොත් මදෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 324 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site