
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගියදා සම්මත කෙරුණු දේශීය ආදායම් (සංශෝධන) පනතෙන් පැනවුණු බදු (බදු සංශෝධන) ක්‍රියාත්මක වන්නේ ජනවාරි 1 වැනිදා සිට බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කිරීමත් සමග එම පනත් කෙටුම්පත පෙරේදා (19) සිට බලාත්මක විය.
කතානායකවරයාගේ සහතිකය සමග මෙම පනත් කෙටුම්පත නීති පද්ධතියට එක්වූයේ 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙසය.
දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් සම්මත විය.
පනතට පක්ෂව ඡන්ද 83 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද හතළිස් එකක් පමණි .
ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහාද විරුද්ධ පාර්ශවය ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද තිස් හයක් පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් අරගෙන පාර්ලිමෙන්තුවෙයි ඉන්න හොරු 225 සහ ආණ්ඩුවෙයි කාලකන්නි නිලධාරීන් රොත්ත නඩත්තු කරපල්ලා
බදු ගෙවන්නන් ඉමහත් අපහසුතාවයට පත්කල නව බදු පනත නිසා පොහොට්ටුවේ ඡන්ද තවත් 30% න් පහතවැටෙන බවත් මතකතබා ගන්න.