
(අංජුල මහික වීරරත්න)
උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් මේ වසරේ දී ශ්‍රී ලංකාවේ දෙවැනි පොල් ත්‍රිකෝණය ආරම්භ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
යාපනය, මන්නාරම සහ මුලතිව් නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ආරම්භ කරයි.
සැප්තැම්බර් 2 වැනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමයෙන් මෙම පොල් ත්‍රිකෝණය අරඹන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ ජනාධිපති කාර්යාල මාධ්‍ය ඒකකයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ වැඩක්. මා දැනට මාස කීපයකට කලින් ඔය ප්‍රදේශවල පොල් කර්මාන්තයට අදාලව චාරිකාවකට සහභාගි වුණා. එහිදී අත්දැකපු දෙයක් වන්නේ සාර්ථක පොල් වගාවක් සඳහා ඒ පළාත්වල ඇති ශක්‍යතාව. සාම්ප්‍රදායිකව පොල් පිට රට යැවීමට අමතරව පොල් ආශ්‍රිත නිෂ්පාදන මගින් විදෙස් විනිමය රටට ගෙන ආ හැකියි. සාර්ථක වේවා. අදාළ පසු විපරම් කිරීමට ද පියවර ගන්න ඇමැතිතුමා...!
බැරිද හොරාකන අයගේ ත්‍රිකෝණයකුත් හදන්න...?
අපේ රට දැන්නම් පොල් වලින් ස්වයංපෝෂිත වෙයි. හැබැයි ඉතින් අර සංගීත සංදර්ශන දාන ඉතාලියේ හිටපු තානාපතිට එහෙම අහු උනොත් අබ සරණයි.
එහෙ ත්‍රිකෝණෙයි, මෙහෙ ත්‍රිකෝණෙයි එකතු කරලා පොල් කොටුවක් හැදුවා නම් හරිනේ. නැතිනම් ඔය දෙකඩ වෙන්නම පරිපාලනයක් දාලා, වෙනම නිලධාරීන් දාලා, වෙනම ඇමැති කෙනෙකුත් දායි.
බොරු සෝබන වැඩ.ඔය කියන ත්‍රිකෝණයේ එකඳු සශ්‍රික පොල්වත්තක් වත් තියනවද ?