(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට නව නීති සහ රෙගුලාසි ගෙන එන්නේ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල විනිවිදභාවය ආරක්ෂා කරමින් බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc- Andre-Franche මහතා අමතමින් පැවසීය.
එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක සහ අධිකරණ ඇමතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යාංශයේ දී අද(19) පැවැති අතර ලෝකයේ රටවල යුක්තිය පසදලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමේ කාලයේදී එක්සත් ජාතීන්ගේ මානසිකම් කොමිසමේ අත්දැකීම් සම්බන්ධයෙන් සම්බන්ධීකාරකවරයා ඇමතිවරයා සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.
ඉදිරියේදී ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද නීතිය ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාර්ගෝපදේශයන් සහ මග පෙන්වීම් වඩාත් වැදගත් වන බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොන විදිහේ මාර්ගෝපදේශ දුන්නත්, මේ රට පාලනය කරන අමනයින්ට ඕනෑ ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක් මේක... අධිකරණයෙන් මිනීමරුවන්ට දඬුවම් දුන්නාම, ජනාධිපති සමාව යටතේ නිදහස් වී ජනාධිපති උපදේශක තනතුරුත් දෙන රටක් මේක... රජයට ආදායම් ලැබෙන ව්‍යාපාර පෞද්ගලික අංශවලට දීලා ඒ ලැබෙන ලාභයෙන් කප්පන් ලබාගෙන ඒ තක්කඩි ව්‍යාපාරිකයින් වෙනුවෙන් පෙනී සිටින තක්කඩි දේශපාලකයින් ඉන්න රටක් මේක... ජාතික ආරක්ෂාව ගැන තප්පුලමින් ත්‍රස්තවාදීන්ට වැටුප් ගෙවපු රටක් මේක... ඔය කවුරු මොන විදිහේ කයිවාරු ගැහුවත්, ඇත්තටම බල්ලන්ටම ගිය රටක් මේක...
දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ තමුන්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඩීල්දාස කියන්නේ නිකම්ද ? දූෂිත දේශපාලුවන්ට ඕන ඕන විදියට තමා රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ....