
කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙනුවෙන් මෙන්ම ඉන්දියානුවන් වෙනුවෙන් ද මහ කොමසාරිස්වරයා, විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුවේය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත් වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා හමුවීමට පැමිණ ඔහුට පළමුවෙන් සුබ පැතුම් එක් කළ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ සන්තෝෂ් ජා මහතා වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින යහපත් සබඳතා තවත් ශක්තිමක් කර ගැනීමේ අරමුණින්, දෙදෙනා අතරේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගෙ රටේ තමන්ව තෝරගත්ත ජනතාවට කතා කරන්නත් කලින් මේ කළ විලි ලජ්ජා නැති වැඩේ මොකක්ද? ඒ මදිවට රතු හැට්ටෙකුත් ඇඳගෙන. අදානිගේ මාක්ස් වාදය වෙන්න ඕන. හැබැයි කලබල වෙන්න එපා. මහින්දගෙන් ඉගෙන ගන්න. අසල්වැසිය තමයි අපේ එකම එක කියල ජප කරන ගමන් .... දන්නවනේ ඉතුරු ටික.
පිටිපස්සෙන් හිටපු අය කරන දේ කියන්න ඇවිල්ලා...
ඇමෙරිකාවෙනුත් ළඟදීම බලන්නෙ ඇයි? සල්ලි දෙන්න ඇත්තේ ඒගොල්ලන්නේ...
ගෞතම් අදානිගේ විශේෂ පණිවිඩයක් අරන් එන්න ඇති. මන්නාරමේ සුලං විදුලිබල ආයොජනය සහ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අදානිට විකිණීමේ වැඩසටහන ගැන පණිවිඩේ ඇත්තේ. දැන් කියයි ඔව් අපි අදානිට දෙනවා අපේ කොන්දේසි යටතේ කියලා. ගිහින් කාලා බීලත් ආවනේ.
ඉන්දියාව කලාපීය බලවතා. ඒ වගේම ගෝලීය වශයෙනුත් දැවන්තයෙක්. ආර්ථිකය බැලුවම අපිට 1% දායක වෙන්න පුළුවන් වුණත් දැවන්ත සාර්ථකත්වයක්. ඒ වගේම අපි අන්තයටම ගිය වෙලාවේ ඩොලර් බිලියන 4ක ආධාර දිලා අපිට සාගතයෙන් හා සමාජීය ව්‍යසනයකින් අපිව බේර ගත්තා. කොටි වගේ සිදුවිමුත් මතක තබාගත යුතුයි. ගින්දර මෙන් පරිස්සමෙන් කළමනාකරණය කරගත යුතුයි. යුක්රේන ජනපතිවගේ මොඩ තිරණ ගන්නේ නැතුව ඉන්දියානු ව්‍යාප්තවාදය වගේ වහසිබස් දෙඩවිමකිනුත් තොරව ඉන්දියානු සාධකය මනාව පරිපාලනය කරගැනීමට නව ජනාධිපතිතුමා හැකිවේවා කියලා පතනවා. මේ ක්‍රියාවෙන් පේන්නේ ඉන්දියාව අපි ගැන කොච්චර උනන්දුද කියලා. මේ සමඟම චිනයත් චෙස් බෝඩ් එකට අත තියයි.
අනුර ජනපති හොදින් මේ රට ගොඩදාගන්න මේ රටේ හැමදාම පැළවෙනවා බෝගවලින් පිරුණු රටක් නිර්මාණය කරන්න පිට රට ආටෝප නැති ජිවිත් වෙන්න රටක් හදන්න ජයවේවා තෙරුවන් සරණයි....
ඉන්දියාව රනිල්වගේ කෙනෙක් එනවට බයයි. එකයි අනුරට උදව් කලේ ඇමෙරිකානු තනාපතිත් කාලය අවසන්වෙලත් හිටියේ ඒකයි
ජයවේවා...
අපි උදව් කරලා රට ගොඩ දමමු
රාජපක්ෂලා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය කුණු කොල්ලෙට අදානිලාට විකුණන කොට, චීනෙට මේ රට උගස් කොට හොරාකන විට, නැට්ට බඩ යට ගහගෙන හිටිය සුනඛ කුක්කෝ රැල දැන් බුරන්න පටන් අරගෙන වගෙයි... මම හිතන්නේ සිංහයින්ට බල්ලෝ උඩු බුරන හඬ අදාළ නැහැ කියලයි... වෙඩි සද්දෙත් නැතිඑකේ, තව සද්දෙට බුරාපල්ලා පාළුව යන්නත් එක්ක.
මල් දීල කන්ඩද? දෙනවනම් ඩොලර් මිලියන් පන්සීයක්වත් දෙනව මිසක්.