(අංජුල මහික වීරරත්න සහ ෙයාහාන් භාසුර)
රජයේ නිලධාරීන් සමාජ මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීමේදී අනුගමනය කළ යුතු පිළිවෙත් සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නෙ මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ආයතන සංග්‍රහයේ දෙවැනි කාණ්ඩයේ XLVII වැනි පරිච්ඡේදය හය වන හා හත් වන වගන්තියෙන් දැක්වෙන විධි විධාන අනුගමනය නොකර රජයේ නිලධරයකු විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් දැක්වීම විනයානුකූලව කටයුතු කිරීමට හේතු වන වරදක් බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.
තවද දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධරයකු විසින් සිදු නොකළ යුතු බවට දක්වා ඇති ක්‍රියාවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සිදුකිරීමද විනයානුකූලව කටයුතු කිරීමට හේතුවන වරදක් බව අදාල චක්‍රලේඛයේ සඳහන් ව ඇත.
එවැනි වරදවල් කරන නිලධරයන්ට එරෙහිව විනයානුකූලව ක්‍රියා මාර්ග ගත යුතු බව ද අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට උඩ පැනල කෑ ගහලා වැඩක් නැහැ... ඒ වගේම අලුත් චක්‍රලේඛ නිකුත් කරන්න දෙයක්ද නැහැ. ආයතන සංග්‍රහය ඇතුලේ මේ ඔක්කොම තිබෙනවා. එහෙම නම් කළයුත්තේ ආයතන සංග්‍රහය සංශෝධනය කරන එක විතරයි...
රජයේ විධායක නිලධාරින් රටේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපති සහ අගමැති එලවන්න සමාජ මාධ්‍ය භාවිතා කළා. ඒ අය ගැන හොයලා නිසි ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. එයාලා ගොඩක් අය දේශපාලන පක්ෂවලට කඩේ යන අය...