IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’අලුත් ගමක් - අලුත් රටක්’’ හදන්න අගමැති අම්පාරට

(ෂෙහානි දිල්රුක්ෂිකා)

"අලුත් ගමක් - අලුත් රටක් " ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් රැස්වීම පසුගියදා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ඒ.අයි. වික්‍රම ශාලාවේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය යටතේ මෙය පැවැත්විණි.

අම්පාර දිස්ත්‍රික් ලේකම් චින්තක අබේගුණවර්ධන මහතාගේ  සහ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්. ඩී. වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්විණි.

මෙම රැස්වීමේදී වී මිළදී ගැනීම, තිරුක්කෝවිල් ප්‍රදේශයේ ලුණු ලේවායක් ඉදිකිරීම, අම්පාර නගර මධ්‍යයේ කාණු පද්ධතිය සකස් කිරීම පිළිබඳව ප්‍රමුඛ ලෙස අගමැතිවරයාගේ අවධානය යොමු විය.

මෙහිදී අම්පාර දිස්ත්‍රික් ලේකම් විසින් අම්පාර දිස්ත්‍රික්කයේ වී වගාව, පොහොර අවශ්‍යයතාවය, කරදිය හා මිරිදිය මත්ස්‍ය ප්‍රමාණය, දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය හා පෝෂණ තොරතුරු, හරිත දැයක් ගෙවතු වගා වැඩසටහන් ප්‍රගතිය, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධනය, වී මිළදී ගැනීම සහ අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහන ආදිය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් ප්‍රගතිය ඉදිරිපත් කළේය.

පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඒ.එල්.එම්. අතාඋල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එන්.එම්.එම්.මුසාරෆ්, නැගෙනහිර ආණ්ඩුකාර සෙන්තිල් තොන්ඩමාන්, ජනාධිපති උපදේශක (ආහාර සුරක්ෂිතතා) ආචාර්ය ඩී.එන්.එම්. බටගොඩ, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක යන මහත්වරු‍ ද , අම්පාර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්, දෙපාර්තතුමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියහ.

 

 



අදහස් (8)

’’අලුත් ගමක් - අලුත් රටක්’’ හදන්න අගමැති අම්පාරට

දිමුත් Monday, 07 August 2023 02:30 PM

හම්මේ ඉතින්.. හදයි කියලා තමයි බය...

:       0       4

ravin Monday, 07 August 2023 03:02 PM

අවුරුදු 75ක් තිස්සේ මේගොල්ලෝ සුරපුරේ සැප වැඩි හින්දා අපි දැන් අපායක් හදාගමු නේද?

:       0       8

ගමේ එකාලා Monday, 07 August 2023 03:58 PM

රටම බංකොළොත් වෙලා තියෙන්නේ.. ලෝකේ වටේ හිඟමනේ යනවා...

:       1       7

සමන් Monday, 07 August 2023 05:07 PM

මෙයත් අනුන්ගේ කටු කකා පාර්ලිමේන්තුවේම මැරෙන්න දඟලන කෙන‍ෙක්...

:       0       7

Lalla Monday, 07 August 2023 05:10 PM

කෝ යදාමිනි නෑනේ. එයාට තැන හදන්න නේද අගමැති පුතාව රට වටේ එක්ක යන්නේ...

:       0       6

tinu Monday, 07 August 2023 05:25 PM

රට කාලා, ගමත් කාලා දැන් කියනවා අලුතින් හදනවා කියලා. මොවුන්ට නම් පිස්සු... ගෙදර යන්න අගමැති...

:       0       6

Perera Tuesday, 08 August 2023 12:00 AM

සිංහල බස් වහරේ තියනවා කතාව දෝලාවෙන් ගමන පයින් කියලා .මේකත් එහෙම එකක් තමයි

:       0       1

සල්ලි Tuesday, 08 August 2023 09:30 AM

නාකි රැළක් මුන්ට අලුතින් හිතන්නේ උන්ගේ පැටවු ගැන වෙන්න ඇති. ආයිමත් එලියට බැහැලා . ජපානයේ අගමැති ලගින් වත් තියන්න පුලුවන්ද ? ශිට් මුන් අපේ අනාගතය ලමයින්ගේ අනාගතය විනාශ කලා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site