
මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්තවන ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරයේ උප ප්‍රභේද දෙකක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.
එයින් එකක්, බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් විසින් හඳුනා ගනු ලැබූ EG.5 - Eris උප ප්‍රභේදයයි.
අනෙක් උප ප්‍රභේදය BA.2.86 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබේ.
BA.2.86 උප ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකාවෙන්, ඩෙන්මාර්කයෙන් සහ ඊශ්‍රායලයෙන් හමුවී තිබේ.
ඇමෙරිකාවේ EG.5 - Eris උප ප්‍රභේදය ද ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.
‘කොවිඩ් 19’ වයිරසය ආරම්භ වූයේ 2019 චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. එය ලොව පුරා ව්‍යාප්ත වූයේ 2020 වසරේදීය.
ගෝලීය වශයෙන් සිදුවුණු සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරසයේ සැර බාල විය. ‘ඔමික්‍රෝන්’ යනු එසේ සැර බාල වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ උප ප්‍රභේදයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්නත හොඳයි, ඒත් අතුරු විපාක තියෙනවා.
හොඳ නම් කොහොමද ඒකෙන් පස්සේ අතුරු විපාක...? ලෙඩ්ඩු වැඩි උනා තිබුණු රෝග දෙතුන් ගුණයකින් වැඩිවෙලා... ලෝකයේම ජනතාව අසරණ වෙලා ඉන්නේ... ඒ එන්නත් ගත් අය දැන් පසු තැවෙනවා.. හොඳටම රැවටුණා... සෙම්ප්‍රතිශ්‍යාවට දුන්නා නමක් "කොරෝනා" කියලා... දැන් නම නැහැ... ඒත් සෙම්ප්‍රතිශ්‍යාව තියෙනවා...